හුග කාලෙකින්
තමා බ්ලොග් එක පැත්තට එන්න හම්බුනේ. සෑහෙන දවසකින්පෝස්ට් එකක් දානවා තියා බ්ලොග්
එකක් කියවන්නවත් බැරි උනා. මොකද දවස් 21 ක් ගෙදර හිටියෙ නෑ. මමත් ගියා නායකත්ව
පුහුණුවට. ඇත්තටම ඒක ජීවිතයට ලැබුන අලුත්ම අත්දැකීමක් කිව්වොත් හරියටම හරි. ඇත්තම
කිව්වොත් තනියෙන් වැඩක්කරගන්න පුරුදු උනා. යාළුවෝ ගොඩක් හම්බුනා. නායකත්ව පුහුණුවට
ගිය අයට උන දේවල් ටිකක් මතක් වෙන්නයි ගිය නැති ඒ ගැන දැනගන්න කැමති අයට දැනගන්නයි කියලා
මේ පොස්ට් එක ලියන්න හිතුවා.
මට නායකත්ව
පුහුණුවට ආවේ ගිරිතලේ යුධ හමුදා පොලිස්හේවා බළකා පුහුණු පාසල. එන්න කියලා ලියුම ආව
දවසේ ඉදන් යුධ හමුදා පොලිස්හේවා බළකා පුහුණු පාසලේ ගේට්ටුවෙන් ඇතුලට යනකන්ම ඇත්තටම
බයක් තිබුනා. බොරු කියන්න ඕනි නෑනේ. මොකද කියනවනම් ඉතින් අපි හැමෝම අහල තියෙනවනේ
යුද පුහුණුවක් කියන එක කොච්චරක්නම් මිහිරිද කියලා. ඒ වගේම දඩුවම් එහෙමත්.
ගේට්ටුවෙන්
ඇතුල්වෙනකොටම හිතුනා ඇත්තටම මේ ආවේ හරියටම කියපුම තැනටද කියලා. මොකද කියනවනම් ගිය
ගමන්ම අපි ගෙනියපු හෙන පත බෑග් ඔක්කොම එතනින් ඉල්ල ගත්තා. අපිව පිලිගන්න ලොකු
තොරණකුත් ගහල තිබුනා. අපිව ඉහලින්ම පිලිගත්තා. රෙජිස්ටර් කරගෙන එහෙම ඉවර වෙලා අපිව
ඇතුලට එක්කගෙන ගියා. සමහර අයටනම් ගෙදරින් පිට ගත කරන පලවෙනි අවස්ථාව වෙන්න ඇති. මම
ඇතුළුව සමහර අය ඇඩුවෙ නැති උනාට කියාගන්න බැරි දුකකින් හිටියෙ. කොහොම හරි
දෙමාපියන්ගෙන් සමු අරගෙන අපිව කෑම්ප් එක ඇතුලට එක්කගෙන ගියා.
කිසිම කෙනෙක්
වැඩිය කතා බහක් නෑ ඒ අපිව එක්කගෙන ගිය හමුදා අයියා පස්සෙන් ගියා. එයා දැනගෙන
හිටියා කට්ටිය ටිකක් බයෙන් තමයි ඉන්නෙ කියලා. ඉතින් එයා විටෙන් විට අපේ නිශ්ශබ්දතාවය
බිදලා විහිළු කරා. කොහොම හරි අපිව මුලින්ම එක්කගෙන ගියේ කෑම කන හෝල් එකට. ඒකට
කියන්නෙ “මෙස් ” එක කියලා. අපි යනකොට
අපිට කලින් ආව අය කාලා බීලා එහෙම යනවා. ඉතින් අපිටත් කිව්වා ඔතනින් පිගන් අරගෙන
ඇති වෙනකන් කන්න කියලා. ඇත්තටම ඒ කෑමවේලනම් හොදටම තිබුනා. අපි කාලා එහෙම ඉවරඋනාම
අපිව නවතින තැනට එක්කගෙන ගියා. ආ එතනට කියන්නේ “බිලට්” එක කියලා. මාර මාර නම් තමා තියෙන්නේ.
ඒකනම් කමක් නෑ
කියමුකෝ. ඒ වෙනකොට තිබුන ලොකුම ප්‍රශ්නය තමා හමුදාවෙ කට්ටිය අපිට කතා කරන්නේ “මිස්ටර්” කියලා ගෑණු ලමයින්ට
කතා කරන්නේ “මිස් ” කියලා. ඕක ඉතින් අපිට
එච්චර පුරුදු වචනයක් එහෙම නෙමෙයිනේ. ඔහොම කතා කරනකොට නිකන් මොකක්ද මොකක්ද වගේ. අපිට
එයාලා එහෙම කතා කරනවා වගේ අපිත් එයාලට කතා කරන්න ඕනි “ස්ටාෆ් ” කියලයි. අපි බිලට්
එකට යනකොට අපේ බෑග් ටික එතනට ගෙනල්ලා තිබුනා.
ඊට පස්සෙ අපිට
කිව්වා අංක පිලිවෙලට තමන්ගෙ ඇදන් තෝරගන්න කියලා. කරුමෙටම මට සෙට් උනේ උඩ ඇදක්. බිම
ඉදන් අඩි 6ක් විතර උසයි ඇදට. පළලත් අඩි 4ක් විතර ඇති. ඕක දැක්ක ගමන්ම මටනම් මතක්
උනේ මනෝපාර ගහලා රෑට නිදියගෙන ඉන්නකොට වැටුනොත් මොනවයින් මොනවා වෙයිද කියලයි. මොකද
මම ගෙදර නිදියන විදිහ මම දන්නවනේ..... පලවෙනි දවසෙනම් හෙන බයෙන් තමා නිදාගත්තේ.
නෙට් එක හොදට යට කලා එහෙම. මොකද බැරිවෙලාවත් වැටුනොත් නෙට් එකේ හරි එල්ලිලා ඉදී
කියලා. කොහෙම හරි දවසක් දෙකක් යනකොට පුරුදු උනා. ඊට පස්සෙ ඉතින් නෙට් එකත් දැම්මෙ
නෑ. මොකද ඕක දැම්මහම අකුලන්න කම්මැලි හන්දා.
අපි බිලට් එකට
යනකොට සෙට් එකක් ඇවිල්ලා හිට්යා. අදුරන අය දෙතුන්දෙනෙක්ට වඩා නෑ. සමහර අය අයියලා
සමහර අය මල්ලිලා තව සමහර අය අයියලා වගේ මල්ලිලා. ගම්පහ කළුතර අම්පාර මාතර මාතලේ
කොළඹ නුවර වගේ එකී නොකී මෙකී සෑම හතර දිබ්බාගෙන්ම කට්ටිය ඇවිත් හිටියා. කොල්ලොනම්
ඔක්කොම වගේ හිටියෙ ගණිතය විද්‍යාව කරපු අය තමා. එක්කෙනෙක් දෙන්නෙක් හිටියා වාණිජ
කරපු අයත්. ගෑණු ලමයිනම් ඔක්කොම වාණිජ කලා කරපු අය තමා හිටියෙ. එයාලගෙ බිලට් එක
තිබුනෙ අපේ එකට ගොඩක් ඈතින්. ට්ක වෙලාවක් යනකොට අපේ බිලට් එකේ කොල්ලන්ගෙන් බාගෙට
බාගයක්ම අදුරගත්තා. කට්ටිය ඉක්මනටම ෆ්ට් උනා.
ඊලගට හවස ස්ටාෆ්ලා
ඇවිත් අපිව කණ්ඩායම් වලට බෙදුවා. කොහොම හරි කණ්ඩායම් 8කට කට්ටියව කැඩුවා. එක
කණ්ඩායමකට කොල්ලො 16යි
කෙල්ලො 16යි වගේ වැටුනා. ඒ සෑම කණ්ඩායමකටම ස්ටාෆ්
එකෙන් දෙන්නෙක්ව දීලා තිබුනා.ඊට පස්සෙ ඉතින් රෑ කෑම වෙලාවත් ආවා. කෑමට කියන වචනය
ඇහෙනකොටත් එපා වෙනවා. මොකද අපි ඉන්න බ්ලට් එකේ ඉදන් මෙස් එකට යන්න කදු දෙකක් තරණය
කරන්න වෙනවා. මොකද කෑම්ප් එක තියෙන්නෙ කන්දක. ඒක හන්ද කන තැන තියෙන්නේ කන්දෙ උඩ.
මොනා කරන්නද ඉතින් පලවෙනි දවසේ දෙකේ ඉතින් පැල්කවි කිය කියා කට්ටියම පෝලිමේ කන්ද
නගිනවා. වෙන ඉතින් කරන්න දෙයකුත් නෑනේ. යන්න බෑ කියලා බඩගින්නෙ ඉන්නවෑ ඉතින්.
මටනම් දැනුන විදිහට කිලෝමීටර් බාගයක්වත් තිනේන ඇති. මුල් දවස්වල ඕක හෙනම ඇනයක් උනාට
දවස් දෙක තුනක් යනකොට ඉබේටම හුරු උනා. මොකද ඉතින් දවසකට තුන්පාරක් ඕක තරණය කරන්න
වෙනවනේ.
තව එකක් තමයි
රෑ කෑමට යනකොට සෙරප්පු දාගෙන කොට කලිසම් එහෙම ඇදගෙන යන්න දෙන්නෙ නෑ. කොටින්ම
කිව්වොත් බිලට් එකට ඇරෙන්න කොටකලිසම් අදින්න දෙන්නෙ නෑ. මොනා කරන්නද ඉතින් කට්ටිය
දික් කලිසම් ඇදගෙන සපත්තු දාලා එහෙම රෑට කන්ද නැගගෙන නැගගෙන ගිහින් කාලා බැහැගෙන
බැහැගෙන එනවා. ගෑණු ලමයින්ටනම් ඉතින් ඩෙනිමයි ටී එකයි නැත්නම් ගවුමක් හරි ඇන්දහම
ෂේප්. කටිටිය ඉතින් මේකප් තලි පිටින් ගාගෙන ලේ බීලා වගේ තොල් රතු කරගෙන එහෙමත්
ආවා. කොල්ලොත් ඉතින් ජෙල් එහෙම ගාලා දන්න කියන හෙයාස්ටයිල් දාලා ජැන්ඩියට ඇදගෙන
එහෙම ගියා. මොකද ඉතින් ඇත්ත කතාව කිව්වොත් කෙල්ලොත් නිලියො වගේ ඇදගෙන එනවනේ ඉතින්
3rd උනත් 2nd
වෙන්නෙ මොකටද
කියලා කොල්ලොත් ජැන්ඩියට ඇදගෙන යනවා
.
කට්ටිය
හිතාගෙන හිටියා දවල්ට හොදටම කෑමවේල තිබුන හන්ද රෑටත් ඒවිදිහටම හොදට තියෙයි කියලා.
ඒත් ඉතින් සියලුම දෙනාගෙ බලාපොරොත්තු කඩකරමින් රෑ කෑමවේල දවල් එක තරම් හොදටම
තිබුනෙ නෑ. එහෙම කිව්වා කියලා නරකට තිබුනෙත් නෑ. මම කිව්වෙ දවල් එකට සාපේක්ෂව.
මොකද පෝෂදායි ආහාරවේලක්ද මොකක්ද කියලනේ රජයෙන් කෑම වට්ටෝරුව දීලා තියෙන්නේ. ඔය
පෝෂදායී කියන ගොඩක් කෑම අපිට කාලා පුරුදු නෑනේ. මොකද ගෙදර එහෙම අපි කන්නෙ නෑ කියලා
තියෙන දෙයක් හැදුවොත් එදාට උද්ඝෝෂනය හරි කරලා අපේ ඉල්ලීම් දිනාගන්නවනේ. මෙහෙ ඉතින්
එහෙම කරන්න බෑනේ. ඒත හන්ද දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න වෙනවා.
ඇත්ත කතාව
මේකයි ඉතින් ගෙවල්වල කට්ටිය කන්නෙ නෑ කියල කිය කියා හිටපු ගොඩක් කෑම මේ දවස් ට්ක
ඇතුලත කෑවා. රතුබත් කන්නෙ නෑ කියන කට්ටියටත් රතුබත් අකමැත්තෙන් උනත් කන්න උනා.
මේවා කාපු බව ගෙවල්වලින් එහෙම දන්නවනම් අපිට ආයෙත් ගෙදර කෑම වර්ජනය කරන්න නම්
වෙන්නෙ නෑ. කන කතාව කියනකොට ඕක නෙමෙයි හොදම වැඩේ. අපිට දෙවෙනි දවසෙ දේශනය කරපු සර්
ඉගැන්නුවා කොහොමද හැන්දකිනුයි ගෑරුප්පුවකිනුයි කන්නෙ කියලා. ඉතින් ඒ දවසෙ ඉදන් අපි
කෑම්ප් එකෙන් එලියට යන දවස වෙනකන්ම අපිට කන්න උනේ හැදි ගෑරුප්පු වලින්. ඒක අපිට
අලුත්ම අත්දැකීමක් උනා.
පලවෙනි දවසෙනම් බත් එකට මස් තිබුනෙ නෑ කන්න. බත්තර තමයි
තිබුනේ. කට්ටිය ඉතින් හෙන ගේමක් දීලා යන්තමට වගේ බඩ පුරවගත්තා. මොකද ඉතින් අවුරුදු
ගානක් කාලා පුරුදු අතින් හොදට අනලනේ. හැදි ගෑරුප්පුවලින් කන්න දුන්න මුල්ම දවසෙනම්
කෑම බාගෙටම බාගයක් ඉතුරුයි. මෙස් එක නිකන් කම්හලක් වගේ. පුදුම සද්දයක් තමා තිබුනේ.
ටික දවසක් යනකොටනම් සද්දෙ ට්ක ටික අඩු උනා. ටිකෙන් ටික කට්ටිය හැදි ගෑරුප්පු වලට
පුරුදු උනා.
දෙවෙන් දවසෙ බත්
එකත් එක්ක මසුත් තිබුනා. මම හිතන්නෙ කුකුලා මැරෙන්නවත් එච්චර වදයක් විදින්න නැතුව
ඇති. කට්ටිය එහෙන් අනිනවා මෙහෙන් අනිනවා. සමහර කුකුල්ලු පියාඹනවා. සමහර උන්
පිගානෙන් පිගානට පනිනවා. හක විකාරයයි. මොනා කරන්නද ඉතින් ඕනෙම දෙයක් පුරුදු වෙනකන්
ඔහොම තමයි. අන්තිම දවස් වෙනකොට මස් කෑමේ ප්‍රතිඵලයක් විදිහට පිගන් සෑහෙන ගානක්
හිල් වෙලා තිබුනා. කොහොමෙන් කොහොම හරි හැදි ගෑරුප්පුවලින් කන්නත් හූරු උනා.
ආ කියන්න අමතක
උනානේ පලවෙනි දවසෙ රෑ නිදාගෙන ඉන්නකොට අපි හිටපු බිලට් එකට උඩ බිලට් එකේ උඩ ඇදක
හිටිය කොල්ලෙක් හීනෙන්ද කොහෙද ඇද උඩ වාඩිවෙන්න
ගිහින්ද ඇව්දින්න ගිහින්ද මන්දා අතේ ඇගිල්ලක් ෆෑන් එකටවද්දගෙන තිබුනා. ඊට
පස්සෙ ස්ටාෆ් කෙනෙක් ඇව්ත් කිව්වා පරිස්සමෙන් උඩ ඇදන් වල ඉන්න අය ඉන්න ෆෑන් එක
කැරකෙනවද බලන්න ටෙස්ට් කරන්න එහෙම යන්න එපා කියලා. ෆෑන් ලග තිබුන ඇදන් එහෙමත් එහෙට
මෙහෙට කලා. කොහොම හරි ඒ කිව්වදාම තව උඩ ඇදක හිටපු කෙනෙක් ෆෑන් එකට ඔලුව අල්ලලා
තිබුනා. හොද වෙලාවට වැඩිය හානියක් නෑ පොඩ්ඩක් තුවාල වෙලා තිබුනා. අන්තිමට ෆෑන් ටික
ඔක්කොම මේන් බොඩ් එකෙන් ගලවලා දැම්මා. නැත්තනම් තව තව දවස් යනකොට කට්ටිය තව කොහෙ
කොහො කපාගනිද දන්නෙ නෑනේ. අම්මලා කියයි අපේ එකාව කෑම්ප් එකට බාර දෙනකොට කන් 2
ක් තිබුනා කො දැන්
එකයිනෙ තියෙන්නෙ අත් දෙකක් තිබුනා ඒත් දැන් එක හමාරයිනෙ තියෙන්නෙ අනම් මනම් කියලා.
හරියටම මට මතක
නෑ දෙවෙනි දවසෙ හරි තුන්වෙනි දවසෙ හරි ඒ කෑම්ප් එක භාර සර් දේශනයක් කලා. අපේ වචනයෙන්
කිව්වොත් ඒක බොක්කටම වදින දේශනයක්. මව් ගුණ ගැන කතාවක් කරලා සර් අන්තිමට මව් ගුණ
ගීතයක් දැම්මා. ඒ වෙලාවෙ බාගෙට බාගයක්ම කට්ටිය ඇඩුවා. හැම කෙනාටම වගේ ගෙදර මතක්
උනා. ඇත්තටම ඒ දේශනය මාර විදිහට හිතට වදිනවා. දේශනයට පස්සෙ අපි සර්ට කතා කරපු
වෙලාවෙ සර් කිව්වා මිනිහ කියන ජීවියාව හිනස්සන්න ගොඩක් ලේසී ඒත් අඩවන්න ගොඩක්
අමාරුයි කියලා. මුඵ බලකායෙම ප්‍රධානියා උනාට සර් ඇත්තටම මාර නිහතමානී චරිතයක්.
ලොකුකම් මොනාත් නෑ. පුතේ දුවේ කියලා කතා කරන්නේ. ඒ වගේම හවස බාස්කට් බෝල් සෙල්ලම්
කරනකොට සර්ත් එනවා අපිත් එක්ක සෙල්ලම් කරන්න. සර් හැම වෙලාවකම අහන දෙයක් තමා
“ඔයාලා
සතුටෙන්ද ඉන්නෙ කියලා?”.
කියන දෙයක්
තමා,
“තමන්ට
ඉලක්කයක් තියෙනවනම් ඒකට ලගාවෙන්න හැම මොහොතකම උත්සහ කරන්න” කියන එක.
ඒ දවස් 21වැනි පොඩි කාලෙට අපි සර්ගෙන් ලබාගත්ත දේ බොහොමයි. තව
දවසක් සර් පිය ගුණ ගැන දේශනයක් කලා. ඒ දේශනයෙද් හැම කෙනෙක්ම වගේ ඇඩුවා. මම හිතන්නේ
ඒ වෙලාවෙ දේශනයට සවන්දුන්න කෙනෙක් කවදාවත්ම තමන්ගෙ තාත්තට විරුද්ද වෙන එකක් නෑ
කියලා.
අපිට අම්මලා
තාත්තලා ලග හිටියෙ නැති උනාට ඒ අඩුව බොහෝ දුරට නොදැනෙන්න සර් වගබලා ගත්තා. දින 21 තුල තිබුන එක
උපන්දිනයක්වත් අමතක කලේ නෑ. ඒ සෑම උපන්දිනයක්ම කේක් එකක් කපලා සැමරුවා. ඒ ලමයින්ට තමන්ගේ
එම උපන්දිනයනම් කවදාවත්ම අමතක වෙන එකක් නෑ. මොකද ඔච්චර යාලුවො ගොඩක් මැද්දෙ ඒ වගේම
යුධ හමුදා කෑම්ප් එකක එවැනි දිනයක් සමරන්න ලැබීම ඇත්තටම කෙනෙකුට ලැබෙන ඉතාමත් දුර්ලබ
අවස්ථාවක්. කොහොම හරි හිටපු කාලය තුල උපන්දින 10ක්වත් සමරන්න ඇති. සමහර අයගේ උපන්දින
සැමරුවේ මහ රෑ 12ට. ඒ විස්තර
පස්සෙ කියන්නම්.
ආයෙත් කියන්නම
ඕනි දෙයක් තමා ලලංකා වතුර බොතලේ. අපිට හැමදාම උදේට දෙනවා වතුර බොතලයක්. ආයෙත් හවසට
තව එකක් දෙනවා. දවසට දෙකයි. ඔහොම දවස්
21ම ලලංකා වතුර
බොතලේ දුන්නා. සමහර අය උදේට මූන පවා හොදන්නෙ ඔය දෙන වතුර බොතලෙන්ම තමා. නැත්නම්
ඉතින් උදේ පාන්දර නිදිමරගාතේ පහලට යන්න එපැයි මූණ හෝදන්න. යන යන තැන ඕක අරන් යනවා.
කෑම්ප් එක කන්දක තිබුන හන්ද වතුර අඩුයි. ඉතින් පැය 24ම බව්සරයකින් ටැන්කි වලට වතුර පුරවනවා.
උදේට ටොයිලට් පෝලිම. මොකද ටොයිලට් 8යි බාල්දි
4යි. ඔය බාල්දි ටික ගන්න ඉතින් උදේ පාන්දරම තුන්පෙල ගහල ඉන්න ඕනි. සමහර වෙලාවට
පොලිමේ ඉන්නකොටත් වැඩේ සෙට් වෙනවා. ඉතින් හදිසි උනාම ටොයිලට් එකට රින්ගලා අනිත්
එකාට කියනවා බාල්දියක් ආවම වතුර එකක් ගෙනත් දියන් කියලා. කොහොම හරි වැඩ ටික
සහයෝගයෙන් කරගත්තා.
මොනා උනත් උදේ 5.45 වෙනකොට ඔක්කොම ලෑස්ති වෙලා පොලිම් ගහලා
කාණ්ඩ කාණ්ඩ විදිහට යන්න ඕනි අදේ ශාරීරික අභ්‍යාස වලට. සමහර කට්ටිය ඉතින් කරන්නේ
උදේ 3ට විතර නැගිටලා වැඩ ටික ඔක්කොම කරගෙන කැන්වස් දෙකත් දාගෙනම ආයෙත් පොරවගෙන
නිදාගන්නවා. එහෙම නිදාගෙන වෙලාවට නැගිටල දුවනවා. ඒ වැඩෙත් ඉතින් නරකම නෑ. සමහර උන්
නැගිටින්නෙ 5.30ට. කොහොම හරි වැඩ ටික කරගෙන එලියට පැනගන්නවා වෙලාවට. කාණ්ඩෙක එක්කෙනෙක්
හරි අඩුනම් ඔක්කොම එනකන් ඒ අයට පිට්ටනියට යන්න විදිහක් නෑ. ඉතින් පරක්කු එකාගේ ගුණ
වර්ණනා කර කර ඉන්නවා. ඒක හන්දම හැම කෙනාම වගේ වෙලාවට කලින් එලියට පැනගන්න උපරිම ට්‍රයි එක දෙනවා.
ආයෙත් යුදුදෙ
තියෙන්නෙ හවසට. මොකද අපිට එහෙන් සුදු ටී ෂර්ට් දෙකකුයි බොටම් දෙකකුයි කැප් එකකුයි
දීලා තිබුනා. බොටම් දෙකනම් වැඩිය සෝදන්න ඕනි නෑ දූවිලි පේන්නෙ නැති හන්ද. කැප්
එකනම් හේදුවෙම නෑ. ඒත් ටී එකනම් දවස ගාටන් හෝදන්න ඕනි. ඉතින් හැමොම වගේ හැමදාම
ඇදුම් සෝදනවා. සමහරු නානවා. තව අය ඇග සෝදනවා. ඉත්න් එතනත් හෙන යුදුදයක් තමා තියෙන්නේ.
ෂවර් 25 ක් 30ක් විතර තිබුනට ඉතින් ඒ ඔක්කොටම වග
කියන්න 130ක් විතර
ඉන්නවනේ. මුල් දවස්වල වදයක් වගේ තේරුනාට පස්සෙ පස්සෙ කට්ටිය පුරුදු උනා. මේ අතර
හිටිය කවදාවත්ම ඇදුමක් තනියෙන් හොදගෙන නැති අයත්. ඒ අයත් පස්සෙ පස්සෙ පුරුදු උනා.
දෙවෙනි දවසෙ උදේ කට්ටියට මාර වැඩක් තමා උනේ. තව
පොඩ්ඩෙන් කට්ට්යගෙම හොදට බඩ සුද්දවෙනවා. දෙයියන්ගේ පිහිටෙන් එහෙම දෙයක් උනේ නෑ.
ගොඩක් අයට උදේ නැගිට්ටහම කිරි එක ඕනනේ. ඉතින් උදේ පාන්දරම එකෙක් බෙරිහන්දෙනවා........
“මෙන්න කිරි එක
ගෙනල්ලා” කියලා.
ඉතින් ගොඩක්
අය තමන්ගේ කෝප්පයත් උස්සගෙන ගියා උදේම කිරි එක බොන්න. උදේ 5ට විතර වගේ තමා මේ
සිද්ධිය උනේ. මුලින්ම කිරි එක බීපු එකා කියනවා....
“මචං අදනම්
යෝගට්ද මන්ද බං එවලා තියෙන්නේ. අමුතුම රහක් තියෙනවා.”
තව බීපු එකෙක්
කියනවා
“මේකෙ පොඩි
ඇඹුල් රහකුත් එනවා බං. ඒත් මමනම්
හිතන්නෙ වතුර කිවුල් හන්ද වෙන්න ඇත් බං.”
තව එකෙක් ඒ ටී
කෑන් එක අල්ලලා කියනවා.
“මේක පැයකට
විතර කලින් මෙතනට ගේන්න ඇත්තේ.රස්නෙත් පොඩ්ඩක් අඩුයි. අපරාදේ නැගිටල ගොඩක් වෙලා
හිටියා. කලින් දැක්කනම් බොන්න තිබුනා.”
ඔය අතරෙ
ස්ටාෆ් එකේ කෙනෙක් ඇවිත් කිව්වා.
“මිස්ටර් ඊයෙ
හවස දාපු ටී එක එහෙම්මමයි. ඔයාලා ටී බොන්නෙ නැද්ද...... ඒ පරන එක හලලා හොදගෙන එන්න
අද උදේ එක දාලා දෙන්න. ටී එක හදල ඉවරයි” කියලා.
කිරි එක
මුලින්ම දැක්කෙ අපේ කිරියි මහත්තය තමයි.....
දිග වැඩි උනාද
මන්ද. කෙටියෙන් ලියනවා කියලා පටන් ගත්තට ලියාගෙන යනකොට මතක් වෙනවා මාර මාර දේවල්.
කමක් නෑ ඉතුරු ටික ඊලග පෝස්ට් එකෙන් දාන්නම්.. නැත්නම් මේක කියවන ඔයාටත් එපාවෙනවා.
තව ගොඩක් දේවල් කියන්න තියෙනවා. මොකද ඉතින් දවස් 21ක් තිස්සෙම නටපු
සෙල්ලම්නේ.......................
හයික් එක......උයාගෙන
කෑම හා නෑම.....පොලොන්නරු ගමන......ටැලන්ට් ෂෝ හා මඩ ප්‍රහාර......31st
NIGHT…...camp fair……විවාද හා අං
කටුස්සා.......ෆොටෝ අයියා....... ඇතුළු නායකත්ව පුහුණුවේ අමතක නොවන සිදුවීම් ඊලග
පෝස්ටුවෙන්.
.................මතුසම්බන්ධයි.................