Search This Blog

Wednesday, January 29, 2014

18+ 18- ඕනෑම You Tube වීඩියෝවක් පහසුවෙන් බාගන්න.....







යූ ටියුබ් වෙබ් අඩවිය පෙබරවාරි 14 තම 9 වැනි වියට පාතබනවා. මේක මුලින්ම ආරම්භ කලේ 2005 පෙබරවාරි 14 තමයි. Chad Hurley, Steve Chen, Jawed Karim  කියන තුන්දෙනා එකතු වෙලා තමයි මුලින්ම මේක පටන් අරගෙන තියෙන්නේ. මේ අඩවියෙන් පල කරපු මුල්ම වීඩියොව තමයි Me at the Zoo කියන වීඩියොව.මෙතනින් ගිහින් කැමතිනම් වීඩියොව බලන්න පුළුවන්. අද වෙනකොට දිනකට බිලියන ගානක් මෙම අඩවියට පිවිසෙනවා.


මම කියන්න ආ‍වේ යූ ටියුබ් ඉතිහාසය ගැනනම් නෙමෙයි. පොඩි කරුණු ටිකක් දැනගන්නත් එක්ක කිව්වෙ. අද මම කියන්න යන්නේ ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතුන දෙයක්. මුලින්ම කියන්න ඕනි මමත් මේක දැනගත්තේ ලගදි. 


ඔයාලා හැම කෙනෙක්ම වගේ යූ ටයුබ් එකේ වීඩියෝස් එහෙම බලනවනේ. ඉතින් බලනකොට හිතෙනවා මේක ඩවුන්ලෝඩ් කරගත්තනම් හොදයි කියලා. ඒත් ඔයාට එහෙම ලේසියෙන් ඩවුන්ලෝඩ් කරගන්න දෙන්නෙ නෑ. කෙටියෙන්ම කිවුවොත් මොකද ඒ වීඩියෝ එක ලග ඩවුන්ලෝඩ් ලින්ක් එකක් නෑ. ඉතින් ඔයාට යූ ටියුබ් වීඩියෝස් ඩවුන්ලෝඩ් කරන්නම හදපු මොකක් හරි සොෆ්ට්වෙයා කෑල්ලක පිහිට පතන්න වෙනවා. නැත්නම් ඉතින් ඒක බාගන්න එකේ ආසාව නතර කරගන්න වෙනවා. ඒත් මේ වැඩෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව බාගන්න පුළුවන්. 




සමහර විට මේ ක්‍රමය දැනට ඔයාලා භාවිතා කරනවා වෙන්නත් පුළුවන්. සමහර විට ඇහුවෙ අදම වෙන්නත් පුළුවන්. කමක් නෑ මම කියන්නම්. බොරු කියන්න ඕනි නෑ මමනම් මේ ක්‍රමය දැනගත්තෙ ලගදි. ඒක හන්ද මේක මටනම් අලුත් දෙයක්. මේ ක්‍රමයෙන් අපිට ඕනෙම ෆෝමැට් එකකින් බාගන්නත් පුළුවන්. අපිට ෆෝන් එකෙන් උනත් මේ ක්‍රමය භාවිතයෙන් බාගන්න පුළුවන්. කරන්න තියෙන් පොඩි දෙයයි.

  1. මුලින්ම ඔයාට ඕන වීඩියෝ එකට යන්න.
  2. ඊට පස්සෙ address bar එකට ගිහින් www.youtube.com...... කියලා තියෙන තැන මෙන්න මේ විදිහට වෙනස් කරන්න. ඒ කියන්නනෙ අපිට තියෙන්නෙ www.youtube.com......  කියන තැන Y එකට ඉස්සරහින් SS කියලා ටයිප් කරන්න විතරයි.







  3. එහෙම කරලා Enter key එක press කරන්න.
  4.  එතකොට මෙන්න මේ විදිහට ඔයාට වින්ඩෝ එකක් එනවා. එතනින් ඔයාට ඕන ෆෝමැට් එකකින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.






දැන් වැඩේ හරි නේද. නොදන්න දෙයක් දැනගත්තනම් ඉතින් කියවලා විතරක් යන්න එපා. පහලින් කමෙන්ට් එකක් කොටාගෙනම යන්න...



Thursday, January 23, 2014

නායකත්ව පුහුණුව - ගිරිතලේ (ඉතිරි කොටස)










නායකත්ව පුහුණුවේ ඉතුරු ටික ඉක්මනටම දාන්නම් කිව්වට ඉතින් ටික දවසක් ගියා. මුල් ටික කියවු නැති අය ඒ ටික කියවලම එන්නකෝ මෙතනින් ගිහින්. 


නායකත්ව පුහුණුවේ තව මාර මාර වැඩ තමා උනේ. දවසක් තිබුන එක ලමයෙක්ගේ උන්දිනයක්. ඉතින් කෑම්ප් එකෙන් මම මුලින් කියු විදිහටම කේක් එකක් එහෙම කැපුවා. ඔහොම කපලා එහෙම ඉවරඋනාම කට්ටියම මෙයාට කිව්වා

“හැපි බර්ත් ඩේ” කියලා.

කොහොම හරි ඒ ලමයත් හොද හිනාවක් එහෙම දාලා කියාපි
සේම් ටු යූ” කියලා.

 මම හිතන්නෙ මිනිහට සතුට වැඩිකමට ඉන්න තැනත් අමතක වෙන්න ඇති.

අපි  හයික් එක විදිහට ගියේ නාගල කන්දට. ඒ කන්දනම් වැඩිය ලොකු කන්දක් එහෙම නෙමෙයි. මොකද ඉතින් පොළොන්නරුවෙ කොහෙද මහ ලොකු කදු. කන්ද නැගල බහින්න මම හිතන්නෙ විනාඩි 45ක් විතර යන්න ඇති. කන්ද නගින්න යනකොට අපිට දුන්නා බෑන්ඩ් එකක්.




නැත්නම් කට්ටිය බලයි සමහර ෆොටෝස්වල රතු පාට බෑන්ඩ් එකක් දාගෙන ඉන්නෙ ලස්සනටද කියලා. මොකද පොළොන්නරුව අවට තියෙන හැම කෑම්ප් එකකින්ම එන්නෙ නාගල කන්දට. නැත්නම් ඉතින් කට්ටිය මාරු වෙලා වෙන වෙන කෑම්ප් වලට එක්කගෙන යයි කියලා. කන්ද නැගලා අපි කෑම්ප් එකට එනකොට ඉතින් 11 විතර උනා. ඊට පස්සෙ තමයි හොද සෙල්ලම තිබුනේ. අපිට සර් කිව්වා අද කට්ටිය උයන්න ඕනි කියලා. ඉතින් උයනවා කියන්නෙ 300කට විතර උයන්න වෙනවා. මොකද එදා හමුදාවෙ උයන අයියලත් උයන්නෑ. ඉතින් අපිට එයාලටත් එක්කම උයන්න වෙනවා. කණ්ඩායමකින් එක් එක්කෙනාට එන්න කියලා තුණ්ඩු වගයක් උඩ දාලා අහුලගන්න කිව්වා. පෙර පිනකට වගේ අපිට සෙට් උනේ බත් එක. හැබැයි බත් එක මොනා හරි උනානම් කට්ටිය මොනා හොදට හැදුවත් කන්න වෙන්නෙ නෑ. හදන්න ලේසි උනාට ඉතින් වැරදුනොත් වැඩේ කචල් වෙනවා. ඊටත් වඩා බැනුම් කෝටියයි. බැනුම් අහලම බඩ පුරවගන්න තිබුනා. කුකුල්ලු එහෙම සුද්ද කරනවට වඩා ඉතින් බත් එක හොදා. සම්බා බත්, කුකුල් මස්, බොංචි, අල, ගෝවා තිබුනා කට්ටියට උයන්න.






හමුදාවෙ උයන අයත් ඉතින් උදවු කලා. නැත්නම් එයාලට ආයෙත් උයන්න වෙනවනේ කට්ටිය උයන ඒවා කන්න බැරි උනොත් එහෙම. සමහර අය මිරිස් කපලා අත දැවිල්ල අරගෙන හූ කිය කියා වතුර බාල්දි හොයාගෙනත් දිව්වා. මෙතන ඉතින් නම් ගම් සදහන් කරන එක හරි නැති හන්ද සදහන් කරන්නෙ නෑ. කෑම ටික ඉදෙන්න ලිපේ තියලා එහෙම කට්ටියම ලිප වටේ ඉදගෙන සින්දු කියලා නටලා එහෙම ෆුල් ෆන් එකක් ගත්තා. කියන්න සතුටුයි උයපු කෑම අන්තිමට හොදටම තිබුනා.





කොහොමෙන් කොහොම හරි අපි හැමොටම අවුරුද්දේ අන්තිම දවස වගේම ඊලග අවුරුද්දෙ පලවෙනි දවස සමරන්න හම්බුනෙත් කෑම්ප් එකේමයි. ඇත්තටම ඒක අපි හැම කෙනාටම අලුත්ම අත්දැකීමක් උනා. ආයෙ ඒ වගේ අවස්ථාවක් ජීවිතේ කවදාවත්ම හම්බෙන එකකුත් නෑ මම හිතන්නෙ. හමුදාවෙ අය 31st NIGHT එක හොදටම සංවිධානය කරලා තිබුනා. එදා රෑ සංගීතයක් තිබුනා. කොහොම හරි ඕක පහුවදා පාන්දර 2 විතර වෙනකන්ම තිබුනා. කට්ටිය ඉතින් පන යනකන් නැටුවා. සමහර අයව බලෙන් නැටෙව්වා. සමහර අය හිටිය කවදාවත් සංගීතයකට ගිය නැති අය. තව සමහරක් හිටිය ගියාට නටපු නැති අය. ඒ හැමොටම එයාලගෙ පලවෙනි නැටුම මේක උනා. මම කිව්වනේ මුලින්ම අපි කරපු නැති ගොඩක් දේවල් මේ දවස් ටික ඇතුලත කලා කියලා. ඔන්න ඕකත් එකක් තමා. 31 මහ රෑ හරියටම 12ට දෙන්නෙක්ගේ උපන්දින සැමරුවා කලින් කිව්වා වගේම කේක් එහෙම කපලා. මේ ඔක්කොම හමුදාවෙ අය ඉතාමත්ම හොදට සංවිධානය කරලා තිබුනා.






 අවුරුද්දක් ගෙවිලා නව අවුරුද්දක් ලබනකොටම තමන්ගෙ උපන්දිනය සමරන්න අවස්ථාව හම්බෙනවා කියන්නෙ කොච්චර දෙයක්ද.

මේ ඔක්කොම අතර හැම දවසකම වගේ දේශකයෙක් ආවා මොනා ගැන හරි දේශනයක් කරන්න. ඒත් ඉතින් කියෙන් කී දෙනාද ඕවා අහගෙන ඉන්නෙ නේද? ගොඩක් අය පුටුවල නිදි. සමහර අය මූණු වහගෙන නිදි. 






මූණු වහගෙන නිදියන්නෙ ඇයි කියල මම කියන්නම්. අපි කෑම්ප් එකට ආව මුල්ම දවසෙ අපිට පෙන්නුවා කලින් මේ පුහුණුවට ආව අය දේශන වලදි සැපට නිදියගෙන ඉන්න ෆොටෝස්. අපිටත් කිව්වා ඔයාලගෙ ඒවත් අනිත් එන අයට පෙන්වනවා කියලා. ඇත්ත කතාව කිව්වොත් මේකනේ කට්ටියට කොහොමත් ෆෑන් එකක් යට සැපට ඉදගෙන පැයක් දෙකක් යනකොට නිකන්ම නින්දෙ යනවා. ඉතින් දේශන වලට එන කට්ටිය එන්නෙ සෑහෙන දුර ඉදන්නේ. ඉතින් එහෙම ඇව්ත් කරනකොටත් කට්ටිය සැපට නිදාගෙන ඉන්නවා දකිනකොට කාට උනත් කලකිරෙනවනේ. ඉතින් ඔන්න ඕක හන්දම තමයි මුල්න්ම අපිව බය කලේ අරහෙම කියලා. ඒත් ඇත්තටම කට්ටියගේ ෆොටොස් ගන්න පන්ගත්තා. එක ෆොටො එකක් ගත්ත ගමන්ම ෆ්ලෑෂර් එකේ එලියට මුලු පලාතෙම නිදියගෙන ඉන්න අය නැගිටිනවා. සමහර අයට ඉතින් ෆ්ලෑෂර් නෙමෙයි ඉර ලගට ගෙනත් තිබ්බත් නැගිටින්නෙ නෑ. 





ඉතින් ගොඩක් අය නිදියන්නෙ අපිට එහෙන් දුන්න කැප් එකෙන් මූන වහගෙන. මොකද එතකොට ෆොටෝ ගත්තත් අවුලක් නෑනේ. මූණ නෑනේ. කොහොමෙන් කොහොම හරි ඒ ෆොටෝ ගන්න ඒ හමුදා  අයියා අපි කවුරු අතරත් ප්‍රසිද්ධ උනා ෆොටෝ අයියා කියලා. ඇත්තටම හරිම හොද අයිය ‍කෙනෙක්. එයා තමා අපි කෑම්ප් එකට ආව දවසෙ ඉදන් අන්තිමට යන දවස වෙනකන්ම ඔක්කොම දේවල් ෆොටො වීඩියෝ එහෙම කලේ.





අපිට දේශන ගොඩක් තිබුනා. ඒ දේශන වලින් ගොඩක් ඒවා නවක වදය සම්බන්ධ දේශන තමයි තිබුනේ. සමහර දේශන වලදිනම් කට්ටියට පොඩ්ඩක්වත් නින්ද ගියේ නෑ. කට්ටිය අකුරක් නෑර අහගෙන හිටියෙ. දැන් මේක කියවන ඔයා බලනවා ඇති මොකක්ද යකෝ ඒ දේශන කියලා. එකක් තමයි ලිංගික ගැටළු හා පවුල් සංව්ධානය කියන දේශනය. අනිත් එක තමයි Dreamron එකෙන් ඇවිත් කරපු දේශනය. ලිංගික ගැටළු හා පවුල් සංව්ධානයනම් බයෝ නොකරපු කරපු ගොඩක් අයට ඉතාමත්ම වැදගත් උනා. ඕනෙම ප්‍රශ්නයක් අහන්න අවස්ථාවත් උදාඋනා. ඒකත් ඉතින් ලොකු දෙයක්නේ. මම හිතන්නෙ ස්කොලෙදිවත් මෙහෙම අවස්ථාවක් කාටවත්ම නොදෙන්න ඇති. Dreamron එකෙන් කරපු දේශනයෙදී දෙන්නෙක්ට නොමිලේම පේෂල් එකක් කරගන්නත් අවස්ථාව උදා උනා.





තව ඒකෙදී පංච කල්‍යාණිය ලස්සන කරගන්න කරන්න ඕනි සත්කාර ගොඩක් කියලා දුන්නා. ඇත්තටම ඒක සෑහෙන්න වටිනවා. මොකද දැන් අපේ නාඹර වයසනේ. ලස්සනට ඉන්න හැමෝම කැමතිනේ.... අනිත් දේශනය තමා ප්‍රථමාධාර ගැන කරපු දේශනය. ඒකෙදි කියපු වැදගත්ම දෙයක් තමා අපි වැටිලා ඔලුව වැදුනොත් කවදාවත්ම අයිස් තියනවා ඇරෙන්න කිසිම දෙයක් කරන්නනම් එපා කිව්වා. අනිත් කරන හැම දෙයක්ම හොද නෑ කිව්වා. ඒවට හේතුත් කිව්වා. ඒවා කියන්න ගියොත් පෝස්ට් එක තවත් දිග වෙනවා. එතකොට ඔයාට කියවන්න එපා වෙනවා. 

ආ තව කිව්වා පිච්චුනහම ගලායන වතුරට අල්ලනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් ප්‍රථමාධාර විදිහට කරන්න යන්න එපා කියලා. තව ගොඩක් ඒවා කිව්වා බොරු කියන්න ඕනි නෑනේ මට ඒවනම් හරියටම මතකයක් නෑ. ඒ ඔක්කොම මතක් කරලා ලගදිම ප්‍රථමාධාර ගැනත් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න හිතාගෙන ඉන්නවා. සාමූහික චර්යා හා නායකත්වයේ අවශ්‍යතාවය, කාල කළමනාකරනය, මානව සම්පත් කලමනාකරණය, විනය, පෞරුෂ වර්ධනය, නීතිය හා මානව අයිතිවාසිකම්, අභිප්‍රේරණය වගේ ගොඩක් දේශන තිබුනා. මානව අයිතිවාසිකම් කියන දේශනයට ආව දේශකයා සුදුද කළුද කියලවත් බලාගන්න බැරි උනා. මොකද එදා මමයි තව කීපදෙනෙකුයි පොඩි කට් එකක් දාලා බිලට් එකට වෙලා වෙනම සාකච්චාවක් දාලා කාඩ් අතක් ගැහුවා. පස්සෙ ඉතින් අපරාදෙ කියලත් හිතුනා. ඒත් මොනා කරන්නද...


බෙහෙත් දෙන තැනට කිව්වෙ MI room එක කියලයි. මේක ගොඩක් අයගෙ හොර ගුහාව උනා. ‍මොකද කියනවනම් උදේට සරඹ වලට නොයා ඉන්නවනම් හේතුවක් තියෙන්න ඕනි. නැත්නම් අසනීපයක් තියෙන්න ඕනි. ඉතින් යන්න කම්මැලි හිතුනහම කට්ටිය කරන්නෙ මේ MI room එකට ගිහින් බොරුවට පැනඩොල් දෙකක් හරි ඉල්ලගන්නවා. එතකොට කට්ටියට හේතුවක් තියෙනවනේ නොයා ඉන්න. මේ අතර ඉතින් ඇත්තටම ලෙඩ වෙලා බේත් ගත්ත අයත් හිටියා. එතන තියෙන්නෙ සුළු බෙහෙත් විතරයි. බැරි වෙලාවත් කාට හරි ටිකක් දරුණු ගණයේ ලෙඩක් වගේ හැදුනොත් ඒ අයව කෑම්ප් එකේ බස් එකෙන්ම එක්කගෙන යනවා මින්නේරිය හරි පොළොන්නරුව හරි ඉස්පිරිතාලයට.


තව කියන්නම ඕනි දෙයක් තමා තනි තනිව නිදහසේ කුරුල්ලො වගේ හිටපු කොල්ලො කෙල්ලො තමන්ගේ සහකාරියව හෝ සහකාරයව හොයාගත්තා. මල්සරා ඇවිත් විදගෙන විදගෙන ගියා. ඒකත් ඉතින් ඒ අයගේ ජීවිතවල ඉතා වැදගත් අවස්ථාවන් තමයි.


උදේ නැගිටල ලෑස්තිවෙලා තුන්පෙළ එහෙම ගහලා කට්ටියවම එක්කගෙන යනවා උදෑසන ශාරීරික අභ්‍යාස වලට පිට්ටනියට. අපිට හැබැයි වැඩිය දුවන්න එහෙම දුන්නෙ නෑ. ගොඩක්ම කලේ වේගයෙන් ඇවිදින එක තමා. තව ව්‍යායාම ගොඩක් කලා. දවස් දෙක තුනක්ම අපිව කෑම්ප් එකෙන් එලියට එක්කගෙන ගියා ඇවිදින්න මින්නේරිය වැව වටේ. උදේ පාන්දර හන්දා මාරම ලස්සනයි පරිසරය. මීදුමත් ලාවට තියෙනවා. නිකන් නුවරඑලිය වගේ. කියන්න බෑ මේ අපි ඉන්නෙ පොළොන්නරුවෙ කියලා. ඇවිදගෙන යනකොට ඉතින් අමාරුනම් ඕනෙම කෙනෙක්ට නවතින්න පුළුවන්. අපේ පිටිපස්සෙන් එනවා කෑම්ප් එකේ බස් එක. ඉතින් ඒකට ගිහින් නගින්න පුළුවන්. උදේ ශාරීරික අභ්‍යාස වලට පස්සෙ ඉතින් තියෙන්නෙ බඩ පුරවගන්න තමයි. ඊට පස්සෙ ඉතින් ආයෙත් පිට්ටනියට.






සමහර දවස්වලට උදේට ශාරීරික අභ්‍යාස වෙනුවට තිබුනෙ යොගා. යොගා තියෙන දවසට එක්කෙනාට එක ගානේ හොද කුෂන් පිට්ටනියෙ එලලා තියෙනවා. යොගා වල විවිධ විවිධ ආසන ක්‍රම තියෙනවනේ. සමහර ආසන තියෙන්නෙ සැතපිලා කරන ඒවා. ඉතින් ගොඩක් කට්ටිය කැමති ඒවට තමා. මොකද ටික වෙලාවක් නිදාගන්නත් චාන්ස් එකක් එනවනේ. ඇත්තටම ඒ ආසන වල සමහර වෙලාවට විනාඩ් 8ක් විතර තියනවා. ඒ ආසනය ඉවර වෙලා තවත් එකක් පටන්ගන්න කට්ටිය හිටගන්නකොට සමහර අය එහෙම්මම හොදට නිදි.

හැමදාම උදේ කෑමෙන් පස්සෙ අපිට තියෙනවා සරඹ.





මොකද අපිට අන්තිම දවසෙ තිබුනා පාසින් අවුට් එකක්. ඒකට ඉතින් හැමදාම පුරුදු කරනවා. හමුදාවට අලුතෙන් බැදෙන ඕනෑම කෙනෙක් හමුදාවෙ විදිහට විනයගරුකව  90% ක්ම හැදෙන්නෙ සරඹ වලින්ලු. එහෙම කිය කියා අපිටත් ඉතින් පුරුදු කලා. ඒකනම් ඇත්තටම එපාවෙන වැඩක්. දකුණට හරවනවා වමට හරවනවා ආපස්සට එරවනවා ගමනේ යවනවා කල් බලවනවා වම් දක් කියනවා වගේ ඒවා මේවා ගොඩයි. ඕවා ඉතින් කවද කරපුවද අපි. ඕවා කලින් කරල තිබුනත් වැඩිම උනොත් අව්වෙ ඉදන් විනාඩි 20ක් වගේ කරල ඇති. ඒක නෙමෙයි හොදම වැඩේ. ඕව ඉතින් කට්ටිය කලින් වැඩිය කරලා නෑනේ. ඉතින් දකුණ කියනකොට වම උස්සනවා වම කියනකොට දකුණ උස්සනවා. ආපසු හැරේන් කිව්වහම සමහර අය වම් පැත්තෙන් හැරෙනවා සමහර අය දකුණුපැත්තෙන් හැරෙනවා. සමහරු ගමේ යනවා වගේ යන්නේ. එතකොට අපි ඒකෙනාට කෑගහනවා

මනුස්සයො පපුව ඉස්සරහට පස්ස පස්සට කියලා. . 

ඒකත් අන්තිමට වෙනම ජෝක් එකක් උනා. ඕවා ඉතින් හොද වෙලාවට පුරුදුකරපු සර්ලට එහෙම ඇහුනෙ නෑ. ඇහුනනම් මොනා කියයිද දන්නෙත් නෑ. ඊටත් වඩා ඒවට කමාන්ඩ් දෙන්නෙත් ගිරිය යටින් කෑගහලනේ. ඉතින් එක පාරට ගැස්සුනහම කරන දෙයත් සමහර වෙලාවට අමතක වෙනවා. සමහරු ඉතින් කද පිට්ටනියෙ තියාගෙන හිටියට හිත තියෙන්නෙ වෙන වෙන තැන් වලනේ. කොහොම හරි කට්ටියම අන්තිම දවස වෙනකොට තම තමන්ගේ වැරදි ටික හදාගත්තා. අන්තිම දවසෙ පාසින් අවුට් එක කට්ටිය තමන්ට කල හැකි උපරිමයෙන්ම කලා. හමුදාවේ බෑන්ඩ් එකේ බීට් එකට මාච් එක යනකොට ඇත්තටම තමන්ට අමුතුම ගාම්භීරත්වයක් එනවා. ඒක වචනයෙන් කියක්ක බෑ. ඉතින් ගැම්මෙන්ම කරන්න පුළුවන්. පාසින් අවුට් එක ඉවර උනාම ඒ සර්ලා කිව්වා මෙච්චරකල් නායකත්ව පුහුණුවට ආව කට්ටිටගෙන් හොදම පාසින් අවුට් එක ඔයාලගේ එක කියලා. ඇත්තටම ඒකනම් අපි කණ්ඩායමක් විදිහට ආඩම්බර වෙන්න ඕනිම දෙයක්.




ඒ අතර හැමදාම හවසට 4 ඉදන් 6 වෙනකන් තියෙන්නෙ සෙල්ලම් කරන්න. ක්‍රිකට්, නෙට් බෝල්, එල්ලෙ, බාස්කට් බෝල්, වොලි බොල් වගේ ක්‍රීඩා තිබුනා. අන්තිම දවස්වල තිබුනේ කණ්ඩායම් කණ්ඩායම් අතර මැච්. ඒවලින් දිනන අයට කුසලානත් දුන්නා




 හැමෝම තම තමන්ගේ කණ්ඩායම දිනවන්න උපරිම උත්සහයක් ගත්තා.

අකමැත්තෙන් උනත් කියන්න ඕනි දෙයක් තියෙනවා. සමහර දවස්වලට අපිට පුටු එහාට මෙහාට අදින්නත් උනා. මොකද සමහර දවස්වලට ලෙක්චර් හොල් එකේ තිබුන පුටු මෙස් එකට අරන්යන්න උනා. සමහරදාට පිට්ටනියට අරන් යන්න උනා. ආයෙත් ඉතින් ඒවා තිබුන තැනටම ගේන්නත් උනා. අත්තටම ඉතින් පුටු 250ක් විතර එහාට මෙහාට ගෙනියන එක හමුදාවෙ කීපදෙනෙක්ට ටිකක් අමාරු වැඩක්. ඒත් අපි හැම කෙනාම ඒක කලොත් ලේසි වැඩක්. ඉතින් අපිට කිව්වෙ තමන් ඉදන් ඉන්න පුටුව අරන් යන්න කියලයි. මුල් දවස්වලනම් අපෙන් වැඩ ගන්නවා කියලා පොඩි තරහකුත් හිතට ආවා. ඒත් ඉතින් ඒක මහලොකු වැඩක් නෙමෙයි හන්ද පස්සෙ පස්සෙ ගානක් නැතුව ගියා. ඒකෙනුත් ඉතින් දෙයක් ඉගෙනගත්තා. සහයෝගයෙන් වැඩක් කරනකොට කොච්චර ලේසිද කියලා හිතුනා. නැත්නම් කීපදෙනෙක් මේ ටික ඔක්කොම ඇද්දනම් කොච්චර කාලයක් යයිද? ඒ වගේම කොච්චරනම් මහන්සියක් වැයකරයිද? මේ ඔක්කොම ජීවිතයට නව අත්දැකීම් උනා.

අපි සංස්කෘතික ගමන විදිහට ගියේ පොළොන්නරුවෙ පූජා නගරයට.  අපේ කෑම්ප් එකබාර සර් අපිට එම ස්ථාන විස්තර කරන්න වෙනම ගයිඩ් අන්කල් කෙනෙක්වත් කතා කරලා තිබුනා.











අපි එහෙට යනකොටත් තවත් කෑම්ප් ගෙඩකින් ඇවිත් හිටියා. ඉතින් අපිත් එක්ක ඔක්කොම 2500ක්වත් ඉන්න ඇති. උඩක ඉදන් බැලුවොත් ඔක්කොම එක වගේ. වෙනසකට තිබුනේ අතේ පැලදගෙන ඉන්න බෑන්ඩ් එක විතරයි. ටුවර්ස්ට්ලත් කට ඇරගෙන බලන් හිටියා මොකක්ද මේ එකකපාරටම වෙන්න යන්නෙ කියලා.






පොළොන්නරුවෙ ගිය දවසෙ හවස අපි ගියා මින්නේරියේ පිහිටල තියෙන වනජීවී සංරක්ෂණ කාර්යාලයට. එහෙන් අපිට දේශනයකුත් කලා. ඊට පස්සෙ අපි කෞතුකාගාරය බලන්න ගියා. ඒකනම් මාරයි. අනිවාර්යෙන්ම අපි යන්න ඕනිම තැනක්. ඇත්තම සතුන්ගේ හම අරගෙන් ඒවට පුළුන් එහෙම පුරවලා ඒ සතා ජීවමානව ඉන්නවා වගේම ආකෘති හදලා තිබුනා.





එතනදි අපේ කණ්ඩායමේ අක්කා කෙනෙක්ට මාර වැඩක් උනා. හැමෝම ඉතින් පෝලිමේ යනවා සත්තු බලාගෙන්. ෆොටො එහෙමත් ගන්නවා. ඔහොම යනකොට එක ප්‍රදර්ශන කුටියක තිබුනා මැරුන සර්පයෝ බෝතල් වල දාලා. උන් මැරිලා හන්ද කට්ටිය එක එක ඔච්චම් කර කර ඉස්සරහට ගියා. මොකද ඉතින් උන් මැරිලනේ. පන පිටින් හිටියනම් බලාගන්න තිබුනා.




 කට්ටිය ඒවල සිහියෙන් ගිය හන්ද බිම තිබුන ලොකු පොලගගේ ආකෘතිය දැක්කෙ නෑ. කොහොම හරි ඒ අක්කට ඕක ලාවට වගේ පෑගුනා විතරයි කට්ටියවත් පෙරලගෙන හූ තියාගෙන එලියටම දුවලා තමා නතර උනේ. ඒක ඇත්තම පොලගෙක් වගේ. බලන්නකො මේක ඇත්තම එකෙක් වගේ නෙමෙයිද කියලා.






එක එක කාණ්ඩ වලින් වෙන වෙනම ටැලන්ට් ෂෝ තිබුනා. ඒවගෙන් ගොඩක් අයගේ දක්ෂතා එලියට ආවා. කවදාවත්ම සමූහයක් ඉදිරියෙ කතා නොකරපු අයට කතා කරන්නත් තමන්ගේ හැකියාවන් ඒ තුලින් පෙන්නන්නත් අවස්ථාව හම්බුනා. 6 වෙනි කණ්ඩායමයි 8 වෙනි කණ්ඩායමයි එකතුවෙලා කරපු ටැලන්ට් ෂෝ එක සෑහෙන පෙරලියක් කලා. ඊට පස්සෙ අන්තිමටම තිබුනේ අපේ කණ්ඩායමේ ෂෝ එකත ඒකත් අපිට කරන්න පුළුන් උපරිමෙන්ම කලා. ඇත්තටම හැම කණ්ඩායමක්ම තමන්ගේ ෂෝ එක හැකි උපරිම විදිහට කලා. ටැලන්ට් ෂෝ වලදි සෑහෙන්න මඩ බාල්දි ගනන් පාස් උනා. සමහර අයව උපහාසයට ලක් කලා. ඒ අතර ජනප්‍රයම උනේ ශලිනිව. සමහර රගපාපු චරිත මම හිතන්නේ කාටවත් අමතක වෙන එකක් නෑ. අදටත් ඒවා මතක් කර කර හිනාවෙන්න පුළුවන්. කොල්ලෝ කෙල්ලො විදිහට ඇදගෙනත් කෙල්ලො කොල්ලො විදිහට ඇදගෙනත් රගපෑවා. හිනා වෙලාම පන යනවා. ටැලන්ට් ෂෝ වලදි ප්‍රසිද්ධ උන අය අතර අපේ මාතරයා, මිස්ටර් බීන්, අලයා, සයිකො, කිරියා, කලුවා, සාස්තරේ, ආරෝහී, සක්කර ගැබා ඉදිරියෙන්ම ඉන්නවා.




විවාද තරග වලදී අපේ කණ්ඩායම හා පස් වෙනි කණ්ඩායම අතර තිබුන විවාදය සෑහෙන උනුසුම්ව තිබුනා. ඒ විවාදයෙදී අපේ සජිත් සොහොයුරාගේ කතාව කට්ටියටම අමතක වෙන එකක් නෑ. ප්‍රතිවාදී කණ්ඩායමේ තර්ක වලදී ඔලුව හොලව හොලව ඔවුන්ව අපහසුතාවයට පත්කල හැටි එදා හිටපු හැමොටම මතක ඇති. ඒ වගේම තවත් විවාදයකදි අං කටුස්සා ජනප්‍රිය උන හැටිත් මතක ඇති. මේ ඔක්කොම අපේ දින 21ක් පුරාවට තිබුනාවූ නායකත්ව පුහුණුවේ අමතක නොවන මතකයන් තමයි.


අන්තිම දවස් කීපය වෙනකොට සියලුම දෙනා එක්කම වගේ කතා බහ කරලා එකිනෙකා හොදින් අදුනගෙන තිබුනා. ඔහොම ඔහොම අවසාන දිනයත් ලන් ලන් වුනා. මුලදි ගෙදර දුවන්න සිහියෙන් හිටියට අන්තිම වෙනකොට තව ටික දවසක් එක්කො තව එක දවසක්වත් නැත්නම් තව පැය කීපයක්වත් අපිට සහෝදර සහෝදරියො වගේ එකට ඉන්න තිබුනනම් කොච්චර දෙයක්ද කියලා හිතුනා. අන්තිම දවසෙ රෑ තිබුනා ලොකු සංගීත රාත්‍රියක් සමග ගිනි මැලයක්.






 ඒක තමයි මා ඇතුළු සියලුම දෙනා කෑම්ප් එකේ ගත කරපු අන්තිම රාත්‍රිය. කට්ටිය ඉතින් උපරිම විනෝද උනා. ස්ටාෆ් අයියලා සර්ලා ඔක්කොම වගේ අපිත් එක්ක නැටුවා විනෝද උනා. ගන්න තිබුන උපරිම ෆන් එක ඒ වෙලාවෙදී ගත්තා. සැර පරුෂ විදිහට අපිට පෙනුන ස්ටාෆ්ලා සර්ලද කියලත් හිතුන අපිත් එක්ක මෙහෙම සහෝදරයො සහෝදරියො වගේ නටන්නේ. කෑම්ප් එකේ ගන්න අවසාන උපන්දිනයත් එදා රෑ 12ට සැමරුවා. එදා කට්ටියම සංගීතයෙදි උපරිම සතුටු උනත් හිතේ කොනක පොඩි දුකකුත් මූදු වෙමින් තිබුනා. මොකද හෙට කියන දවස වෙනකොට අපි එකට නෑ. කට්ටියම ගෙවල්වල. ඉතින් එදා අවසානයේ සෑම කෙනෙක්ම නින්දට ගියේ හිතේ දරාගන්න බැරි දුකකුත් එක්ක කිව්වොත් නිවැරදි. එදා රාත්‍රිය වෙනදට වඩා ඉක්මනින් ගෙව්ලා ගියා කියලයි මගෙනම් අදහස. අවසාන ‍මොහොතත් කෙමින කෙම්න් උදා උනා. සියලුම දෙනාට කතා කරලා අතට අත එහෙම දීලා කට්ටියම නි‍වෙස් බලා යන්න බස් රථවලට නැග්ගෙ දරාගන්න බැරි දුකකින්. ගොඩක් අය ඇඩුවා.


අද කියන දවස වෙනකොට ඇත්තටම ලංකාවේ සෑම කැම්පස් එකකම අපි දන්න අපිත් එක්ක දුක සැප බෙදාගත්ත යාළුවො ඉන්නවා. ඒ වගේම ඕනෙම දෙයකට උදව්වට අලුතෙන් යාළුවො පිරිසක් එකතු උනා. ඒ වගේම තනියෙන් යමක් පිලිවෙලකට වගේම වෙලාවකට කරන්නත් ඒ වගේම කොන්ද පණ තියෙන පුද්ගලයෙක් හැටියට සමාජයේ අපට මූණ දීමට සිදුවන අභියෝගයන්ට සාර්ථකව මෙන්ම නිවැරදිව මූණ දීමට අවශ්‍ය  පසුබිම මෙම කාලය තුල අප ලබාගත්තා.



ඔන්න ඉතින් අමතක වෙන්න කලින් නායකත්ව පුහුණුවෙ නොමැකෙන මතක සටහන් මේ විදිහට ලියලා අවසන් කලා. තව අවුරුදු ගානකින් මේක කියෙව්වත් අද ඊයෙ පුහුණුවට ගිහින් ආව වගේ කියලා පුහුණුවට ගිය අයට හිතෙයි. සමහර විට මෙම ලිපි දෙකම කියවපු ඔයාට එපා වෙන්නත් ඇති. නැත්නම් කිවේවෙ අපරාදෙ කියලත් හිතෙන්න ඇති. ඒත් නැත්නම් ආසාවෙන් කියවන්න ඇති. ඒ ඔක්කොම ගුණ දොස් කියවපු ඔයාට බාරයි.

Sunday, January 19, 2014

නායකත්ව පුහුණුව - ගිරිතලේ.....






හුග කාලෙකින් තමා බ්ලොග් එක පැත්තට එන්න හම්බුනේ. සෑහෙන දවසකින්පෝස්ට් එකක් දානවා තියා බ්ලොග් එකක් කියවන්නවත් බැරි උනා. මොකද දවස් 21 ක් ගෙදර හිටියෙ නෑ. මමත් ගියා නායකත්ව පුහුණුවට. ඇත්තටම ඒක ජීවිතයට ලැබුන අලුත්ම අත්දැකීමක් කිව්වොත් හරියටම හරි. ඇත්තම කිව්වොත් තනියෙන් වැඩක්කරගන්න පුරුදු උනා. යාළුවෝ ගොඩක් හම්බුනා. නායකත්ව පුහුණුවට ගිය අයට උන දේවල් ටිකක් මතක් වෙන්නයි ගිය නැති ඒ ගැන දැනගන්න කැමති අයට දැනගන්නයි කියලා මේ පොස්ට් එක ලියන්න හිතුවා.


මට නායකත්ව පුහුණුවට ආවේ ගිරිතලේ යුධ හමුදා පොලිස්හේවා බළකා පුහුණු පාසල. එන්න කියලා ලියුම ආව දවසේ ඉදන් යුධ හමුදා පොලිස්හේවා බළකා පුහුණු පාසලේ ගේට්ටුවෙන් ඇතුලට යනකන්ම ඇත්තටම බයක් තිබුනා. බොරු කියන්න ඕනි නෑනේ. මොකද කියනවනම් ඉතින් අපි හැමෝම අහල තියෙනවනේ යුද පුහුණුවක් කියන එක කොච්චරක්නම් මිහිරිද කියලා. ඒ වගේම දඩුවම් එහෙමත්.


ගේට්ටුවෙන් ඇතුල්වෙනකොටම හිතුනා ඇත්තටම මේ ආවේ හරියටම කියපුම තැනටද කියලා. මොකද කියනවනම් ගිය ගමන්ම අපි ගෙනියපු හෙන පත බෑග් ඔක්කොම එතනින් ඉල්ල ගත්තා. අපිව පිලිගන්න ලොකු තොරණකුත් ගහල තිබුනා. අපිව ඉහලින්ම පිලිගත්තා. රෙජිස්ටර් කරගෙන එහෙම ඉවර වෙලා අපිව ඇතුලට එක්කගෙන ගියා. සමහර අයටනම් ගෙදරින් පිට ගත කරන පලවෙනි අවස්ථාව වෙන්න ඇති. මම ඇතුළුව සමහර අය ඇඩුවෙ නැති උනාට කියාගන්න බැරි දුකකින් හිටියෙ. කොහොම හරි දෙමාපියන්ගෙන් සමු අර‍ගෙන අපිව කෑම්ප් එක ඇතුලට එක්කගෙන ගියා.


කිසිම කෙනෙක් වැඩිය කතා බහක් නෑ ඒ අපිව එක්කගෙන ගිය හමුදා අයියා පස්සෙන් ගියා. එයා දැනගෙන හිටියා කට්ටිය ටිකක් බයෙන් තමයි ඉන්නෙ කියලා. ඉතින් එයා විටෙන් විට අපේ නිශ්ශබ්දතාවය බිදලා විහිළු කරා. කොහොම හරි අපිව මුලින්ම එක්කගෙන ගියේ කෑම කන හෝල් එකට. ඒකට කියන්නෙ මෙස්එක කියලා. අපි යනකොට අපිට කලින් ආව අය කාලා බීලා එහෙම යනවා. ඉතින් අපිටත් කිව්වා ඔතනින් පිගන් අරගෙන ඇති වෙනකන් කන්න කියලා. ඇත්තටම ඒ කෑමවේලනම් හොදටම තිබුනා. අපි කාලා එහෙම ඉවරඋනාම අපිව නවතින තැනට එක්කගෙන ගියා. ආ එතනට කියන්නේ බිලට්එක කියලා. මාර මාර නම් තමා තියෙන්නේ.


ඒකනම් කමක් නෑ කියමුකෝ. ඒ වෙනකොට තිබුන ලොකුම ප්‍රශ්නය තමා හමුදාවෙ කට්ටිය අපිට කතා කරන්නේ මිස්ටර් කියලා ගෑණු ලමයින්ට කතා කරන්නේ මිස් කියලා. ඕක ඉතින් අපිට එච්චර පුරුදු වචනයක් එහෙම නෙමෙයිනේ. ඔහොම කතා කරනකොට නිකන් මොකක්ද මොකක්ද වගේ. අපිට එයාලා එහෙම කතා කරනවා වගේ අපිත් එයාලට කතා කරන්න ඕනි ස්ටාෆ් කියලයි. අපි බිලට් එකට යනකොට අපේ බෑග් ටික එතනට ගෙනල්ලා තිබුනා.


ඊට පස්සෙ අපිට කිව්වා අංක පිලිවෙලට තමන්ගෙ ඇදන් තෝරගන්න කියලා. කරුමෙටම මට සෙට් උනේ උඩ ඇදක්. බිම ඉදන් අඩි 6ක් විතර උසයි ඇදට. පළලත් අඩි 4ක් විතර ඇති. ඕක දැක්ක ගමන්ම මටනම් මතක් උනේ මනෝපාර ගහලා රෑට නිදියගෙන ඉන්නකොට වැටුනොත් මොනවයින් මොනවා වෙයිද කියලයි. මොකද මම ගෙදර නිදියන විදිහ මම දන්නවනේ..... පලවෙනි දවසෙනම් හෙන බයෙන් තමා නිදාගත්තේ. නෙට් එක හොදට යට කලා එහෙම. මොකද බැරිවෙලාවත් වැටුනොත් නෙට් එකේ හරි එල්ලිලා ඉදී කියලා. කොහෙම හරි දවසක් දෙකක් යනකොට පුරුදු උනා. ඊට පස්සෙ ඉතින් නෙට් එකත් දැම්මෙ නෑ. මොකද ඕක දැම්මහම අකුලන්න කම්මැලි හන්දා.





අපි බිලට් එකට යනකොට සෙට් එකක් ඇවිල්ලා හිට්යා. අදුරන අය දෙතුන්දෙනෙක්ට වඩා නෑ. සමහර අය අයියලා සමහර අය මල්ලිලා තව සමහර අය අයියලා වගේ මල්ලිලා. ගම්පහ කළුතර අම්පාර මාතර මාතලේ කොළඹ නුවර වගේ එකී නොකී මෙකී සෑම හතර දිබ්බාගෙන්ම කට්ටිය ඇවිත් හිටියා. කොල්ලොනම් ඔක්කොම වගේ හිටියෙ ගණිතය විද්‍යාව කරපු අය තමා. එක්කෙ‍නෙක් දෙන්නෙක් හිටියා වාණිජ කරපු අයත්. ගෑණු ලමයිනම් ඔක්කොම වාණිජ කලා කරපු අය තමා හිටියෙ. එයාලගෙ බිලට් එක තිබුනෙ අපේ එකට ගොඩක් ඈතින්. ට්ක වෙලාවක් යනකොට අපේ බිලට් එකේ කොල්ලන්ගෙන් බාගෙට බාගයක්ම අදුරගත්තා. කට්ටිය ඉක්මනටම ෆ්ට් උනා.


ඊලගට හවස ස්ටාෆ්ලා ඇවිත් අපිව කණ්ඩායම් වලට බෙදුවා. කොහොම හරි කණ්ඩායම් 8කට කට්ටියව කැඩුවා. එක කණ්ඩායමකට කොල්ලො 16යි කෙල්ලො  16යි වගේ වැටුනා. ඒ සෑම කණ්ඩායමකටම ස්ටාෆ් එකෙන් දෙන්නෙක්ව දීලා තිබුනා.ඊට පස්සෙ ඉතින් රෑ කෑම වෙලාවත් ආවා. කෑමට කියන වචනය ඇහෙනකොටත් එපා වෙනවා. මොකද අපි ඉන්න බ්ලට් එකේ ඉදන් මෙස් එකට යන්න කදු දෙකක් තරණය කරන්න වෙනවා. මොකද කෑම්ප් එක තියෙන්නෙ කන්දක. ඒක හන්ද කන තැන තියෙන්නේ කන්දෙ උඩ. මොනා කරන්නද ඉතින් පලවෙනි දවසේ දෙකේ ඉතින් පැල්කවි කිය කියා කට්ටියම පෝලිමේ කන්ද නගිනවා. වෙන ඉතින් කරන්න දෙයකුත් නෑනේ. යන්න බෑ කියලා බඩගින්නෙ ඉන්නවෑ ඉතින්. මටනම් දැනුන විදිහට කිලෝමීටර් බාගයක්වත් තිනේන ඇති. මුල් දවස්වල ඕක හෙනම ඇනයක් උනාට දවස් දෙක තුනක් යනකොට ඉබේටම හුරු උනා. මොකද ඉතින් දවසකට තුන්පාරක් ඕක තරණය කරන්න වෙනවනේ.


තව එකක් තමයි රෑ කෑමට යනකොට සෙරප්පු දාගෙන කොට කලිසම් එහෙම ඇදගෙන යන්න දෙන්නෙ නෑ. කොටින්ම කිව්වොත් බිලට් එකට ඇරෙන්න කොටකලිසම් අදින්න දෙන්නෙ නෑ. මොනා කරන්නද ඉතින් කට්ටිය දික් කලිසම් ඇදගෙන සපත්තු දාලා එහෙම රෑට කන්ද නැගගෙන නැගගෙන ගිහින් කාලා බැහැගෙන බැහැගෙන එනවා. ගෑණු ලමයින්ටනම් ඉතින් ඩෙනිමයි ටී එකයි නැත්නම් ගවුමක් හරි ඇන්දහම ෂේප්. කටිටිය ඉතින් මේකප් තලි පිටින් ගාගෙන ලේ බීලා වගේ තොල් රතු කරගෙන එහෙමත් ආවා. කොල්ලොත් ඉතින් ජෙල් එහෙම ගාලා දන්න කියන හෙයාස්ටයිල් දාලා ජැන්ඩියට ඇදගෙන එහෙම ගියා. මොකද ඉතින් ඇත්ත කතාව කිව්වොත් කෙල්ලොත් නිලියො වගේ ඇදගෙන එනවනේ ඉතින් 3rd උනත් 2nd වෙන්නෙ මොකටද කියලා කොල්ලොත් ජැන්ඩියට ඇදගෙන යනවා
.

කට්ටිය හිතාගෙන හිටියා දවල්ට හොදටම කෑමවේල තිබුන හන්ද රෑටත් ඒවිදිහටම හොදට තියෙයි කියලා. ඒත් ඉතින් සියලුම දෙනාගෙ බලාපොරොත්තු කඩකරමින් රෑ කෑමවේල දවල් එක තරම් හොදටම තිබුනෙ නෑ. එහෙම කිව්වා කියලා නරකට තිබුනෙත් නෑ. මම කිව්වෙ දවල් එකට සාපේක්ෂව. මොකද පෝෂදායි ආහාරවේලක්ද මොකක්ද කියලනේ රජයෙන් කෑම වට්ටෝරුව දීලා තියෙන්නේ. ඔය පෝෂදායී කියන ගොඩක් කෑම අපිට කාලා පුරුදු නෑනේ. මොකද ගෙදර එහෙම අපි කන්නෙ නෑ කියලා තියෙන දෙයක් හැදුවොත් එදාට උද්ඝෝෂනය හරි කරලා අපේ ඉල්ලීම් දිනාගන්නවනේ. මෙහෙ ඉතින් එහෙම කරන්න බෑනේ. ඒත හන්ද දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න වෙනවා.


ඇත්ත කතාව මේකයි ඉතින් ගෙවල්වල කට්ටිය කන්නෙ නෑ කියල කිය කියා හිටපු ගොඩක් කෑම මේ දවස් ට්ක ඇතුලත කෑවා. රතුබත් කන්නෙ නෑ කියන කට්ටියටත් රතුබත් අකමැත්තෙන් උනත් කන්න උනා. මේවා කාපු බව ගෙවල්වලින් එහෙම දන්නවනම් අපිට ආයෙත් ගෙදර කෑම වර්ජනය කරන්න නම් වෙන්නෙ නෑ. කන කතාව කියනකොට ඕක නෙමෙයි හොදම වැඩේ. අපිට දෙවෙනි දවසෙ දේශනය කරපු සර් ඉගැන්නුවා කොහොමද හැන්දකිනුයි ගෑරුප්පුවකිනුයි කන්නෙ කියලා. ඉතින් ඒ දවසෙ ඉදන් අපි කෑම්ප් එකෙන් එලියට යන දවස වෙනකන්ම අපිට කන්න උනේ හැදි ගෑරුප්පු වලින්. ඒක අපිට අලුත්ම අත්දැකීමක් උනා.




 පලවෙනි දවසෙනම් බත් එකට මස් තිබුනෙ නෑ කන්න. බත්තර තමයි තිබුනේ. කට්ටිය ඉතින් හෙන ගේමක් දීලා යන්තමට වගේ බඩ පුරවගත්තා. මොකද ඉතින් අවුරුදු ගානක් කාලා පුරුදු අතින් හොදට අනලනේ. හැදි ගෑරුප්පුවලින් කන්න දුන්න මුල්ම දවසෙනම් කෑම බාගෙටම බාගයක් ඉතුරුයි. මෙස් එක නිකන් කම්හලක් වගේ. පුදුම සද්දයක් තමා තිබුනේ. ටික දවසක් යනකොටනම් සද්දෙ ට්ක ටික අඩු උනා. ටිකෙන් ටික කට්ටිය හැදි ගෑරුප්පු වලට පුරුදු උනා.






දෙවෙන් දවසෙ බත් එකත් එක්ක මසුත් තිබුනා. මම හිතන්නෙ කුකුලා මැරෙන්නවත් එච්චර වදයක් විදින්න නැතුව ඇති. කට්ටිය එහෙන් අනිනවා මෙහෙන් අනිනවා. සමහර කුකුල්ලු පියාඹනවා. සමහර උන් පිගානෙන් පිගානට පනිනවා. හක විකාරයයි. මොනා කරන්නද ඉතින් ඕනෙම දෙයක් පුරුදු වෙනකන් ඔහොම තමයි. අන්තිම දවස් වෙනකොට මස් කෑමේ ප්‍රතිඵලයක් විදිහට පිගන් සෑහෙන ගානක් හිල් වෙලා තිබුනා. කොහොමෙන් කොහොම හරි හැදි ගෑරුප්පුවලින් කන්නත් හූරු උනා.


ආ කියන්න අමතක උනානේ පලවෙනි දවසෙ රෑ නිදාගෙන ඉන්නකොට අපි හිටපු බිලට් එකට උඩ බිලට් එකේ උඩ ඇදක හිටිය කොල්ලෙක් හීනෙන්ද කොහෙද ඇද උඩ වාඩිවෙන්න  ගිහින්ද ඇව්දින්න ගිහින්ද මන්දා අතේ ඇගිල්ලක් ෆෑන් එකටවද්දගෙන තිබුනා. ඊට පස්සෙ ස්ටාෆ් කෙනෙක් ඇව්ත් කිව්වා පරිස්සමෙන් උඩ ඇදන් වල ඉන්න අය ඉන්න ෆෑන් එක කැරකෙනවද බලන්න ටෙස්ට් කරන්න එහෙම යන්න එපා කියලා. ෆෑන් ලග තිබුන ඇදන් එහෙමත් එහෙට මෙහෙට කලා. කොහොම හරි ඒ කිව්වදාම තව උඩ ඇදක හිටපු කෙනෙක් ෆෑන් එකට ඔලුව අල්ලලා තිබුනා. හොද වෙලාවට වැඩිය හානියක් නෑ පොඩ්ඩක් තුවාල වෙලා තිබුනා. අන්තිමට ෆෑන් ටික ඔක්කොම මේන් බොඩ් එකෙන් ගලවලා දැම්මා. නැත්තනම් තව තව දවස් යනකොට කට්ටිය තව කොහෙ කොහො කපාගනිද දන්නෙ නෑනේ. අම්මලා කියයි අපේ එකාව කෑම්ප් එකට බාර දෙනකොට කන් 2ක් තිබුනා ‍කො දැන් එකයිනෙ තියෙන්නෙ අත් දෙකක් තිබුනා ඒත් දැන් එක හමාරයිනෙ තියෙන්නෙ අනම් මනම් කියලා.




හරියටම මට මතක නෑ දෙවෙනි දවසෙ හරි තුන්වෙනි දවසෙ හරි ඒ කෑම්ප් එක භාර සර් දේශනයක් කලා. අපේ වචන‍යෙන් කිව්වොත් ඒක බොක්කටම වදින දේශනයක්. මව් ගුණ ගැන කතාවක් කරලා සර් අන්තිමට මව් ගුණ ගීතයක් දැම්මා. ඒ වෙලාවෙ බාගෙට බාගයක්ම කට්ටිය ඇඩුවා. හැම කෙනාටම වගේ ගෙදර මතක් උනා. ඇත්තටම ඒ දේශනය මාර විදිහට හිතට වදිනවා. දේශනයට පස්සෙ අපි සර්ට කතා කරපු වෙලාවෙ සර් කිව්වා මිනිහ කියන ජීවියාව හිනස්සන්න ගොඩක් ලේසී ඒත් අඩවන්න ගොඩක් අමාරුයි කියලා. මුඵ බලකායෙම ප්‍රධානියා උනාට සර් ඇත්තටම මාර නිහතමානී චරිතයක්. ලොකුකම් මොනාත් නෑ. පුතේ දුවේ කියලා කතා කරන්නේ. ඒ වගේම හවස බාස්කට් බෝල් සෙල්ලම් කරනකොට සර්ත් එනවා අපිත් එක්ක සෙල්ලම් කරන්න. සර් හැම වෙලාවකම අහන ‍දෙයක් තමා

ඔයාලා සතුටෙන්ද ඉන්නෙ කියලා?”.

කියන දෙයක් තමා,
 තමන්ට ඉලක්කයක් තියෙනවනම් ඒකට ලගාවෙන්න හැම මොහොතකම උත්සහ කරන්න කියන එක.

 ඒ දවස්  21වැනි පොඩි කාලෙට අපි සර්ගෙන් ලබාගත්ත දේ බොහොමයි. තව දවසක් සර් පිය ගුණ ගැන දේශනයක් කලා. ඒ දේශනයෙද් හැම කෙනෙක්ම වගේ ඇඩුවා. මම හිතන්නේ ඒ වෙලාවෙ දේශනයට සවන්දුන්න කෙනෙක් කවදාවත්ම තමන්ගෙ තාත්තට විරුද්ද වෙන එකක් නෑ කියලා.

අපිට අම්මලා තාත්තලා ලග හිටියෙ නැති උනාට ඒ අඩුව බොහෝ දුරට නොදැනෙන්න සර් වගබලා ගත්තා. දින 21 තුල තිබුන එක උපන්දිනයක්වත් අමතක කලේ නෑ. ඒ සෑම උපන්දිනයක්ම කේක් එකක් කපලා සැමරුවා. ඒ ලමයින්ට තමන්ගේ එම උපන්දිනයනම් කවදාවත්ම අමතක වෙන එකක් නෑ. මොකද ඔච්චර යාලුවො ගොඩක් මැද්දෙ ඒ වගේම යුධ හමුදා කෑම්ප් එකක එවැනි දිනයක් සමරන්න ලැබීම ඇත්තටම කෙනෙකුට ලැබෙන ඉතාමත් දුර්ලබ අවස්ථාවක්. කොහොම හරි හිටපු කාලය තුල උපන්දින 10ක්වත් සමරන්න ඇති. සමහර අයගේ උපන්දින සැමරුවේ මහ රෑ 12ට. ඒ විස්තර පස්සෙ කියන්නම්.




ආයෙත් කියන්නම ඕනි දෙයක් තමා ලලංකා වතුර බොතලේ. අපිට හැමදාම උදේට දෙනවා වතුර බොතලයක්. ආයෙත් හවසට තව එකක් දෙනවා. දවසට දෙකයි. ඔහොම දවස්  21ම ලලංකා වතුර බොතලේ දුන්නා. සමහර අය උදේට මූන පවා හොදන්නෙ ඔය දෙන වතුර බොතලෙන්ම තමා. නැත්නම් ඉතින් උදේ පාන්දර නිදිමරගාතේ පහලට යන්න එපැයි මූණ හෝදන්න. යන යන තැන ඕක අරන් යනවා. කෑම්ප් එක කන්දක තිබුන හන්ද වතුර අඩුයි. ඉතින් පැය 24ම බව්සරයකින් ටැන්කි වලට වතුර පුරවනවා.





උදේට ටොයිලට් පෝලිම. මොකද ටොයිලට් 8යි බාල්දි 4යි. ඔය බාල්දි ටික ගන්න ඉතින් උදේ පාන්දරම තුන්පෙල ගහල ඉන්න ඕනි. සමහර වෙලාවට පොලිමේ ඉන්නකොටත් වැඩේ සෙට් වෙනවා. ඉතින් හදිසි උනාම ටොයිලට් එකට රින්ගලා අනිත් එකාට කියනවා බාල්දියක් ආවම වතුර එකක් ගෙනත් දියන් කියලා. කොහොම හරි වැඩ ටික සහයෝගයෙන් කරගත්තා.





 මොනා උනත් උදේ 5.45 වෙනකොට ඔක්කොම ලෑස්ති වෙලා පොලිම් ගහලා කාණ්ඩ කාණ්ඩ විදිහට යන්න ඕනි අදේ ශාරීරික අභ්‍යාස වලට. සමහර කට්ටිය ඉතින් කරන්නේ උදේ 3ට විතර නැගිටලා වැඩ ටික ඔක්කොම කරගෙන කැන්වස් දෙකත් දාගෙනම ආයෙත් පොරවගෙන නිදාගන්නවා. එහෙම නිදාගෙන වෙලාවට නැගිටල දුවනවා. ඒ වැඩෙත් ඉතින් නරකම නෑ. සමහර උන් නැගිටින්නෙ 5.30ට. කොහොම හරි වැඩ ටික කරගෙන එලියට පැනගන්නවා වෙලාවට. කාණ්ඩෙක එක්කෙනෙක් හරි අඩුනම් ඔක්කොම එනකන් ඒ අයට පිට්ටනියට යන්න විදිහක් නෑ. ඉතින් පරක්කු එකාගේ ගුණ වර්ණනා කර කර ඉන්නවා. ඒක හන්දම හැම කෙනාම වගේ වෙලාවට කලින් එලියට පැනගන්න උපරිම ට්‍රයි එක දෙනවා.


ආයෙත් යුදුදෙ තියෙන්නෙ හවසට. මොකද අපිට එහෙන් සුදු ටී ෂර්ට් දෙකකුයි බොටම් දෙකකුයි කැප් එකකුයි දීලා තිබුනා. බොටම් දෙකනම් වැඩිය සෝදන්න ඕනි නෑ දූවිලි පේන්නෙ නැති හන්ද. කැප් එකනම් හේදුවෙම නෑ. ඒත් ටී එකනම් දවස ගාටන් හෝදන්න ඕනි. ඉතින් හැමොම වගේ හැමදාම ඇදුම් සෝදනවා. සමහරු නානවා. තව අය ඇග සෝදනවා. ඉත්න් එතනත් හෙන යුදුදයක් තමා තියෙන්නේ. ෂවර්  25 ක් 30ක් විතර තිබුනට ඉතින් ඒ ඔක්කොටම වග කියන්න 130ක් විතර ඉන්නවනේ. මුල් දවස්වල වදයක් වගේ තේරුනාට පස්සෙ පස්සෙ කට්ටිය පුරුදු උනා. මේ අතර හිටිය කවදාවත්ම ඇදුමක් තනියෙන් හොදගෙන නැති අයත්. ඒ අයත් පස්සෙ පස්සෙ පුරුදු උනා.


 දෙවෙනි දවසෙ උදේ කට්ටියට මාර වැඩක් තමා උනේ. තව පොඩ්ඩෙන් කට්ට්යගෙම හොදට බඩ සුද්දවෙනවා. දෙයියන්ගේ පිහිටෙන් එහෙම දෙයක් උනේ නෑ. ගොඩක් අයට උදේ නැගිට්ටහම කිරි එක ඕනනේ. ඉතින් උදේ පාන්දරම එකෙක් බෙරිහන්දෙනවා........


මෙන්න කිරි එක ගෙනල්ලා කියලා.
ඉතින් ගොඩක් අය තමන්ගේ කෝප්පයත් උස්සගෙන ගියා උදේම කිරි එක බොන්න. උදේ 5ට විතර වගේ තමා මේ සිද්ධිය උනේ. මුලින්ම කිරි එක බීපු එකා කියනවා....

මචං අදනම් යෝගට්ද මන්ද බං එවලා තියෙන්නේ. අමුතුම රහක් තියෙනවා.

තව බීපු එකෙක් කියනවා
 මේකෙ පොඩි ඇඹුල් රහකුත් එනවා බං. ඒත් මමනම් හිතන්නෙ වතුර කිවුල් හන්ද වෙන්න ඇත් බං.


තව එකෙක් ඒ ටී කෑන් එක අල්ලලා කියනවා.
මේක පැයකට විතර කලින් මෙතනට ගේන්න ඇත්තේ.රස්නෙත් පොඩ්ඩක් අඩුයි. අපරාදේ නැගිටල ගොඩක් වෙලා හිටියා. කලින් දැක්කනම් බොන්න තිබුනා.


ඔය අතරෙ ස්ටාෆ් එකේ කෙනෙක් ඇවිත් කිව්වා.
මිස්ටර් ඊයෙ හවස දාපු ටී එක එහෙම්මමයි. ඔයාලා ටී බොන්නෙ නැද්ද...... ඒ පරන එක හලලා හොදගෙන එන්න අද උදේ එක දාලා දෙන්න. ටී එක හදල ඉවරයි කියලා.

කිරි එක මුලින්ම දැක්කෙ අපේ කිරියි මහත්තය තමයි.....



දිග වැඩි උනාද මන්ද. කෙටියෙන් ලියනවා කියලා පටන් ගත්තට ලියාගෙන යනකොට මතක් වෙනවා මාර මාර දේවල්. කමක් නෑ ඉතුරු ටික ඊලග පෝස්ට් එකෙන් දාන්නම්.. නැත්නම් මේක කියවන ඔයාටත් එපාවෙනවා. තව ගොඩක් දේවල් කියන්න තියෙනවා. මොකද ඉතින් දවස් 21ක් තිස්සෙම නටපු සෙල්ලම්නේ.......................

හයික් එක......උයාගෙන කෑම හා නෑම.....පොලොන්නරු ගමන......ටැලන්ට් ෂෝ හා මඩ ප්‍රහාර......31st NIGHT...camp fair……විවාද හා අං කටුස්සා.......ෆොටෝ අයියා....... ඇතුළු නායකත්ව පුහුණුවේ අමතක නොවන සිදුවීම් ඊලග පෝස්ටුවෙන්.




                                                                                              .................මතුසම්බන්ධයි.................