Search This Blog

Wednesday, January 29, 2014

18+ 18- ඕනෑම You Tube වීඩියෝවක් පහසුවෙන් බාගන්න.....







යූ ටියුබ් වෙබ් අඩවිය පෙබරවාරි 14 තම 9 වැනි වියට පාතබනවා. මේක මුලින්ම ආරම්භ කලේ 2005 පෙබරවාරි 14 තමයි. Chad Hurley, Steve Chen, Jawed Karim  කියන තුන්දෙනා එකතු වෙලා තමයි මුලින්ම මේක පටන් අරගෙන තියෙන්නේ. මේ අඩවියෙන් පල කරපු මුල්ම වීඩියොව තමයි Me at the Zoo කියන වීඩියොව.මෙතනින් ගිහින් කැමතිනම් වීඩියොව බලන්න පුළුවන්. අද වෙනකොට දිනකට බිලියන ගානක් මෙම අඩවියට පිවිසෙනවා.


මම කියන්න ආ‍වේ යූ ටියුබ් ඉතිහාසය ගැනනම් නෙමෙයි. පොඩි කරුණු ටිකක් දැනගන්නත් එක්ක කිව්වෙ. අද මම කියන්න යන්නේ ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතුන දෙයක්. මුලින්ම කියන්න ඕනි මමත් මේක දැනගත්තේ ලගදි. 


ඔයාලා හැම කෙනෙක්ම වගේ යූ ටයුබ් එකේ වීඩියෝස් එහෙම බලනවනේ. ඉතින් බලනකොට හිතෙනවා මේක ඩවුන්ලෝඩ් කරගත්තනම් හොදයි කියලා. ඒත් ඔයාට එහෙම ලේසියෙන් ඩවුන්ලෝඩ් කරගන්න දෙන්නෙ නෑ. කෙටියෙන්ම කිවුවොත් මොකද ඒ වීඩියෝ එක ලග ඩවුන්ලෝඩ් ලින්ක් එකක් නෑ. ඉතින් ඔයාට යූ ටියුබ් වීඩියෝස් ඩවුන්ලෝඩ් කරන්නම හදපු මොකක් හරි සොෆ්ට්වෙයා කෑල්ලක පිහිට පතන්න වෙනවා. නැත්නම් ඉතින් ඒක බාගන්න එකේ ආසාව නතර කරගන්න වෙනවා. ඒත් මේ වැඩෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව බාගන්න පුළුවන්. 




සමහර විට මේ ක්‍රමය දැනට ඔයාලා භාවිතා කරනවා වෙන්නත් පුළුවන්. සමහර විට ඇහුවෙ අදම වෙන්නත් පුළුවන්. කමක් නෑ මම කියන්නම්. බොරු කියන්න ඕනි නෑ මමනම් මේ ක්‍රමය දැනගත්තෙ ලගදි. ඒක හන්ද මේක මටනම් අලුත් දෙයක්. මේ ක්‍රමයෙන් අපිට ඕනෙම ෆෝමැට් එකකින් බාගන්නත් පුළුවන්. අපිට ෆෝන් එකෙන් උනත් මේ ක්‍රමය භාවිතයෙන් බාගන්න පුළුවන්. කරන්න තියෙන් පොඩි දෙයයි.

  1. මුලින්ම ඔයාට ඕන වීඩියෝ එකට යන්න.
  2. ඊට පස්සෙ address bar එකට ගිහින් www.youtube.com...... කියලා තියෙන තැන මෙන්න මේ විදිහට වෙනස් කරන්න. ඒ කියන්නනෙ අපිට තියෙන්නෙ www.youtube.com......  කියන තැන Y එකට ඉස්සරහින් SS කියලා ටයිප් කරන්න විතරයි.







  3. එහෙම කරලා Enter key එක press කරන්න.
  4.  එතකොට මෙන්න මේ විදිහට ඔයාට වින්ඩෝ එකක් එනවා. එතනින් ඔයාට ඕන ෆෝමැට් එකකින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.






දැන් වැඩේ හරි නේද. නොදන්න දෙයක් දැනගත්තනම් ඉතින් කියවලා විතරක් යන්න එපා. පහලින් කමෙන්ට් එකක් කොටාගෙනම යන්න...



14 comments:

  1. තෑන්ක්ස් මචන් මේ ක්‍රමේ මම දැනන් හිටියෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් මචං...............
      මමත් මේ ලගදි දැනගත්තේ...........

      Delete
  2. ඕකට වඩා ලේසියි බන් IDM, ඕකත් අවුලක් නෑ ඉතින් :)
    එල එල :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඉත්න් ඒකත් ලේසි. මේක මට අලුත් දෙයක් හන්ද බං දැම්මේ.......

      Delete
  3. එල හොදේ ....කරලා බලන්න ඕන

    ReplyDelete
    Replies
    1. කරලා බලහන්කෝ. වැඩේ මටනම් සාර්ථකයි.

      Delete
  4. අහ් ට්‍රයි එකක් දීලා බලන්න ඕන.. තැන්කිවු වේවා..

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වේවා...............
      ට්‍රයි එකක් දීලම බලන්නකෝ........

      Delete
  5. උඹලා මගේ ඔළුව කුරුවල් කරනවා මේ අන්ඩර දෙමළ ලියලා. :D

    ReplyDelete
  6. Replies
    1. මෙකත් ඉතින් එච්චරටම අවුලක් නෑ සමියෝ................

      Delete
  7. Ela. Danagaththude share karaneka patta

    ReplyDelete