Search This Blog

Wednesday, November 27, 2013

අද තීරණය හෙට විසදුමයි...........








සතියකට සැරයක් බ්ලොග් පෝස්ට් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. ලොකුම ප්‍රශ්නයකට තියෙන්නෙ සිංහල ටයිපින් වල ස්පීඩ් එක මදිකමයි. ඒක හන්දම ඇත්තටම කම්මැලී ටයිප් කරන්න. ඒක ටික දවසක් යනකොට ඉතින් හරියයි කියල හිතනවා. මොකද ඉතින් සිංහලෙන් ටයිප් කරනවනමි ටයිප් කරන්නෙ බ්ලොග් එක ලියනකොට විතරයි. තව එකක් තමයි බ්ලොග් එක කට්ට්ය බැලුවට ඉතින් කමෙන්ට් වැටෙන්නෙ අඩුවෙන්. එතකොටත් ඉතින් කම්මැලී පෝස්ට් එකක් දාන්න. ඒකට කමක් නෑ ඉතින්. වෙලාව තියෙන විදිහට මට හිතෙන දෙය මම ලියනවා. බයිලා ඇති දැන් කියන්නම්කෝ කියන්න කියලා ආව දෙය.


අපායට ගියත් කලින් යන්න ඕනි” කියලා කතාවක් අහලා ඇතිනේ නේද?



ඇත්තටම ඒ කතාව ජීවිතයේ ටිකක් හරි පසුගාමී කෙනෙකුට රුකුලක්. ඒ වගේම ඉදිරියට යන්න තල්ලුවක්. ඒත් ඉතින් කතාවට කිව්වට ඉක්මන් වෙනවා කියන්නේ ඔළුව ගිනි ගත්තා වගේ වැඩ කරන එකනම් නෙමෙයි.

 ඉක්මන් වෙලා ගන්න තීරණ සමහර අවස්ථාවලදි හරි යනවා ඒත් සමහර වෙලාවට වරදිනවා. ඒ වෙන වැරැද්ද මුලු ජීවිත කාලයටම විදවන වැරුද්දක් වෙන්නත් පුළුවන්. නැත්නම් එම ඉක්මන් විසදුම නිසා තව ප්‍රශ්න ගොඩක ආරම්භය වෙන්නත් පුලුවන්. ඒත් නැත්නම් අපේ එක් හැරවුම් ලක්ෂයක් වෙන්නත් පුළුවන්. 

ඇත්තටම කඩිසර වීමයි ක්ෂණික තීරණ ගැනීමයි , ඉක්මන් තීරණ ගැනීමයි කියන්නෙ එකිනෙකට වෙනස් අවස්ථා තුනක්. මේ තුනම සමානයි වගේ පෙනුනට පුංචි පුංචි වෙනසකම් තියෙනවා. පොඩ්ඩක් හිතල බලන්න.........

තීරණයක් කියන්නේ කිසියම් විසදුමක් සදහා එලැ‍ඹෙන ප්‍රවේශයක් කිව්වොත් හරි කියලා හිතනවා. මොකද තීරණයක් කියන්නෙ විසදුමක් නෙමෙයි. ගන්න තීරණය හැටියට තමයි විසදුම ලැබෙනවාද නැද්ද කියලා හරියටම කියන්න පුළුවන්. නමුත් තමන් ගන්න තීරණ වල වගකීමනම් තමන් සතුයි. එය තමන්ම බාරගන්න ඕනි.

සමහර වෙලාවට සමහර තීරණ වලදී අපිට කාගෙ හරි මගපෙන්වීමක් ඕනි වෙනවා. ඒ කෙසේ වෙතත් කිසියම් විසදුමක් සදහා එලැබෙන ප්‍ර‍වේශය නැතිනම් තීරණය බුද්ධිමත් මිනිසුන්ට තනිවම උනත් ගන්න පුළුවන්. එම ගන්න තීරණය මගින් ප්‍රශ්නයට විසදුම නිවැරදිවම ලැබෙනවාද එහෙමත් නැත්නම් නැති ප්‍රශ්නත් ඇති කරනවාද කියන අවබෝධය තීරණයට එලැඹෙන පුදුගලයන් සතුවිය යුතුයි.

අපි යම් ප්‍රශ්නයකදී ගන්න තීරණය ඇත්තටම මොලේ පාවිච්චි කරලා බුද්ධිමත්ව ගන්නවනම් ඒ සදහා ලැබෙන විසදුමද තිරසාරයි. එහෙම කරලත් ඉතින් ගන්න තීරණ වරදින්න පුළුවන් සමහර වෙලාවට. ඒත් කිසිම දෙයක් හිතන්නෙ නැතුව තීරණයක් අරගෙන පස්සෙ පසුතැවෙනවාට වඩා ප්‍රශ්නය දිහා බුද්ධිමත්ව බලලා තිරණයක් අරගන්න එක හොදයි කියලයි මගෙනම් අදහස. මොකද එම ගන්න තීරණය හරියන්න තියෙන ප්‍රතිශතය බොහෝ වැඩියි.

තමන්ට ඒ මොහොතේදී ආව ආවේගයට හැගීමට විතරක් වහල් වෙලා තීරණ අරගෙන කීදෙනෙක්නම් අද වෙනකොට තමන්ගේ ජීවිතයෙන් සමුඅරගෙන තියෙනවද?

ඒ සිදුවීමක් අහපුවම නැත්නම් එහෙම මළගෙදරකට සහභාගී උනාම අපි උනත් කියනවා 

ඒ කෙනා තව පාරක් හිතුවනම් අද මේ වගේ දෙයක් වෙන්නෙ නෑ” කියලා.
නැත්නම් අපි කියනවා,
“ඔය කෙනා මොලේ පාවිච්චි කලානම් අද ඔහොම වෙන්නෙ නෑ” කියලා.

“ඕකට ඔහොම වෙලා මදි” කියලා කියන අයත් නැත්තෙමත් නෑ. ඒත ඉතින් ඒක වෙනම ප්‍රශ්නයක්. ඒක ඉතින් මෙතනට අදාල වෙන්නෙ නෑ.

අපේ බුදුරජාණන් වහන්සේත් එක් අවස්ථාවක දේශනා කරල තියෙනවා අපි තීරණයක් ගන්න කලින් තෙවරක් සිතා බලන්න ඕනි කියලා.

ඒත් ඒ සදහා අපි ගන්න කාලය ප්‍රශ්නයක් නෑ ඇත්තටම. මොකද සමහර වෙලාවට තීරණය ගන්න අපිට තියෙන්නෙ තත්පර කීපයක් වැනි ඉතා කුඩා කාලයක් පමණක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට තීරණයක් ගන්න අපිට අවුරුද්දක් වගේ කාලයක් ලැබෙන්නත් පුළුවන්.

ඒක හන්ද යම් තීරණයක් ගන්න තියෙන කාලය සාපේක්ෂයි.

ක්ෂණික තීරණයක් කියන්නෙ ඇත්තටම හරිම වගකීමකින් යුතුව ගන්න ඕනි දෙයක්.මොකද මේ සදහා ලැබෙන කාලය ඉතාමත්ම අඩුයි ඒ වගේම වරදින්න ඉඩකඩත් බොහොම වැඩියි. මොකද ගොඩක් වෙලාවට අපි මෙහෙම තීරණයකට එළැඹෙනකොට අපේ බුද්ධිය වසන් ‍වෙනවා.


අපේ ජීවිතයට නොසිතූ ලෙස මුණගැහෙන ප්‍රශ්න වලට විසදුම් සොයනවානම් වඩා බුද්ධිමත්ව මෙන්ම එම තීරණය ගන්න කලින් තෙවරක් කෙසේවෙතත් දෙවරක්වත් හිතලා ගන්නවනම් ඒ ගන්න තීරණය ඇත්තටම එම ප්‍රශ්නයට හොදම පිලිතුර කෙසේ වෙතත් හොද පිළිතුරක් වෙයි කියලයි මගෙනම් අදහස........






(විවේචන හොද නරක කියවන ඔයාට බාරයි)

18 comments:


  1. ක්ෂණික තීරණයක් කියන්නෙ ඇත්තටම හරිම වගකීමකින් යුතුව ගන්න ඕනි දෙයක්.මොකද මේ සදහා ලැබෙන කාලය ඉතාමත්ම අඩුයි ඒ වගේම වරදින්න ඉඩකඩත් බොහොම වැඩියි. මොකද ගොඩක් වෙලාවට අපි මෙහෙම තීරණයකට එළැඹෙනකොට අපේ බුද්ධිය වසන් ‍වෙනවා.
    මේ කතාව නම් ඇත්ත.... මටත් නම් ඉක්මන් තීරණ වලින් සැහෙන අවුල් ඇති වෙලා තියනවා,ලිපිය අගේ කරනවා,කොමෙන්ට් නොවැටුනාට කමක් නෑ දිගටම ලියන්න, ෆලෝවින් ගැජට් එක එල්ලන්න එතකොට බොලොග් කරුවන්ට ඔයාගේ ලිපි කියවන්න ලේසියෙන් මේ පැත්තට එන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්....
      අලුත් හන්ද වෙන්න ඇති ගොඩක්ම වැඩිය කොමෙන්ට් එහෙම වැටෙන්නෙ නැත්තේ. කමක් නෑ ලියන එක නතර කරන්නෙ නෑ........... :D

      Delete
  2. තීරණයක් ගන්න කලින් සියක් වතාවක් හිතුවත් මදි වෙන අවස්ථාත් තියෙනවා සහෝ.

    මාත් බ්ලොග් වලට අලුත් ඒ නිසා උපදෙස් දෙන්න තරම් දැනුමක් මට නෑ. ඒත් උඹ ලියනවා හොදයි. දිගටම ලියහන්. කමෙන්ට්ස්, හිට්ස් ගැන වැඩිය වද වෙන්න එපා. හොද යමක් ලිවුවොත් අනිවා කට්ටිය එකතු වෙයි. ශානු කිවුවා වගේ ෆාලෝ ගැජට් එකක් එහෙම එල්ලන්න.

    අනික සින්ඩි වලත් බ්ලොගේ එල්ලන්න. විශේසයෙන්ම 'මාතලං අයියාගෙ සින්ඩියෙ'. බුකියෙත් ශෙයා පාරක් දාන්න.

    ජය. :-)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචං...........
      ආසාව නිසාමයි බ්ලොග් එකක් ලියන්න පටන්ගත්තේ.
      ෆලෝ ගැජට් එකනම් එල්ලුවා. සිරාවටම මම බ්ලොග් වලට අතදරුවෙක් වගෙයි බං...... :)

      Delete
  3. එළ එළ ඔන්න මාත් එල්ලුනා.
    ඔහොම්ම සින්ඩි වලටත් ඇප්ලයි ක‍රපන් මචං. මාතලංගෙ සින්ඩියට එහෙම දාහන්. ඒ ගොල්ලො අපි වගේ අලුත් උන්ට ගොඩ්ක් අත දෙනවා.
    මාත් තාම අතදරුවෙක් වගේ තමා බ්ලොග් වලට නම්.

    උඹට ජය. එළ :-)

    ReplyDelete
  4. ඔව් දැන් ඇප්ලයි කරන්න ඕනි. තෑන්ක්ස් අගේන් මචං මේවා කිව්වට. මොකද මම මෙලෝ දෙයක් දන්නෑ වැඩිය මේවා ගැන.

    ReplyDelete
  5. මචන් කමෙන්ට්ස් ගන්න ඕනනම් අපි අනිත් අයගෙ පොස්ට් වලටත් කමෙන්ට්ස් දාල එයාලව අදුනගන්න ඕන...

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිව්වොත් මේකයි සසිදුවො කේස් එක. මම දවසකට බ්ලොග් සෑහෙන ගානක් කියවනවා. ෆෝන් එකෙන් තමා ගොඩක්ම. ෆෝන් එකේ සිංහල ටයිප් කරන්න බෑ. සිංහල බ්ලොග් එකකට ඉංග්රීනසියෙන් කමෙන්ට් දාන එක හරි නෑ‍නේ.ඒක හන්ද ඉතින් pc එකෙන් ආව වෙලාවට තමයි කමෙන්ට් දාන්නේ.

      Delete
    2. Singlish for mobile කියල java ඇප් එකක් තියනව මචන් 12kb එකක්.ඒක ෆෝන් එකට දාගනින් එතකොට සිංහල ටයිප් කරගන්න පුලුවන් ගින්නක් නැතුව.ඒ ඇප් එකෙන් ටයිප් කරගන්න ඒවා කොපි කරන් කමෙන්ට් එකට පේස්ට් කරන්නයි තියෙන්නෙ :)

      Delete
    3. නෑ නෑ ඒක දාගත්තත් ඇන්ඩ්‍රොයිඩ් නොවන ෆෝන් වල කමෙන්ට් කරන්න අමාරුයි.. මොකද පේජ් එක ලෝඩ් වීම අනුව තමයි ඒක තීරණයවෙන්නෙ..

      හොදම දේ ෆෝන් එකෙන් කියෝලා පස්සෙ පීසී එකෙන් ඇවිත් කමෙන්ට් කරන එක.. ෆේස් බුක් එක හරහා හිට්ස් වැඩි කරගන්න පුලුවන් උනාට කමෙන්ට්ස් ඕනි නම් අනිව අනිත් බ්ලොග් වලට යන්නම වෙනවා :)

      Delete
    4. සිරාවට ඒක පට්ට අමාරුයි පං අපේ තියෙන ෆෝන් කටු වලින්. ෆෝන් එකෙන් කියෝලා පස්සෙ පීසී එකෙන් ඇවිත් කමෙන්ට් කරන එක තමා ගොඩක් වෙලාවට කරන්නේ. ඒත් සමහර වෙලාවට එතකොට සමහර හිතාගෙන හිටපු පෝස්ට් මග හැරෙනවා පං.

      Delete
  6. මචං අද තමයි මේ පැත්තෙ ආවෙ.. ඔක්කොම කියවන්න ඔනි.. ඒක හින්ද ඔක්කොම කියෝල ආවට පස්සෙ මේ පෝස්ට් එකය එන්නම් ..අනික් බ්ලොග් වලට ගියා වගේ නෙමේනේ.. අදුනන එකෙක්ගෙ බ්ලොග් එකකට වැඩි සැලකිලි දෙන්න ඕනි :P

    බ්ලොග් අවකාශෙ දිගුගමනකට සුභ පැතුම් මචං!! ජය!!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් සමියෝ..............

      Delete
    2. යකූ සමියෝ උබ අදද ආවෙ, ඕමද බොල එකට ඉන්න උන්ට සලකන්නෙ..මන් ඒත් බැලුව මොකද උබේ කමෙන්ට් එකක්වත් නැත්තෙ කියල :D

      Delete
    3. සසිදුවනම් හදපු දා ඉදන්ම බොක්කෙන්ම සප් එක.
      සමියට මේ දවස් හරි බිෂී. නැත්නම් ඌට පුළුවන්ද එහෙම මාව නොසලකා හරින්න. නේද සමියෝ?

      Delete
  7. ම් ඒක හොදයි මම බාගත්තා. කේස් එකකට තියෙන්නෙ යුනිකොඩ්ස්. පුරුදු නැති හන්ද ටයිප් කරන එක නෙමෙයි ටයිප් වෙන්නෙ.

    ReplyDelete
  8. සිරාවටම ඇත්ත කතාව තමයි තියෙන්නේ...ඒත් සමහර වෙලාවට වැඩිය නොහිත ගන්න තීරණ වලින් ගොඩක් සාර්ථක වෙලා තියනවා මටනම්..සමහර විට ඒ ලක් එකටත් වෙන්න ඇති.

    මාතලන් අයියා ගැන කියන්නම ඕන.මාත් මේ කලාවට අත දරුවෙක් බන්.මටත් මුලින්ම අත දුන්නේ මාතලන් අයියා.අන්න ඒ වගේ උබත් කුහකකම් තියාගන්නෙ නැතිව මේ දේ දිගටම කරන් පළයන්.එහෙම කරනකොට කමන්ට් වැටෙයි බයවෙන්න එපා.ඔන්න මාත් උබව ෆලෝ කරන්න ගත්තා.වැටි වැටි නැගිටිමු

    ReplyDelete
  9. සිරාවටම..........මටත් එහෙම වෙලා තියෙනවා. ඒත් අල්පයි. කමෙන්ටුවකින් සහයෝගය දැක්කුවට තෑන්ක්ස්. :)

    ReplyDelete